පිටසක්වල මව් යානාවක් සෞරග්‍රහ මණ්ඩලය නිරීක්‍ෂණය කරනවා – විශේෂඥයන් 2 ක් මුල්වරට හෙළි කරති

1218

පිටසක්වල මව් යානාවක් සෞරග්‍රහ මණ්ඩලය නිරීක්‍ෂණය කරන බව හාවඩ් විද්‍යාඥයකු හා පෙන්ටගනයේ නිලධාරියකු හෙළිකර ඇත.

හාවඩ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයකුවූ අයි. ලොයිඩ් සහ පෙන්ටගනයේ අධ්‍යක්‍ෂවරයකුවූ සින් කර්ක් පැට්රික් මේ බව මුල්වරට අනාවරණය කර තිබේ.

2017 වසරේදී සුරුට්ටුවක හැඩයෙන් යුත් පිටසක්වල යානාවක් තාරකා විද්‍යාඥයන් විසින් නිරීක්‍ෂණය කළ බවද අයි ලොයිඩ් තවදුරටත් හෙළිකර ඇත.

මෙම හෙළිදරව්ව ගැන නාසා ආයතනය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැත.

සින් කර්ක් පැට්රික් සඳහන් කළේ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සමග එනම් තමා මාර්තු 9 දා වාර්තාවක් සකස් කළ අතර ඊට පිටසක්වල මව් යානාව ගැන හෙළි කළ බවයි.

පිටසක්වල මව් යානාව කුඩා නිරීක්‍ෂණ යානා එවා මෙම විමර්ශනය කරන බවද එම විශේෂඥයන් අනාවරණය කර තිබේ.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment