‘පිට්ටනිය දූලි වලාවලින් පිරී ගියා…. – ඒ එක්කම සියල්ල සිදුවුණේ නොසිතූ ලෙසටයි’

5914

බදුල්ල ‘බිග්මැච්’ ඛේදවාචකය

පස්සර මීදුම්පිටියෙ ගමේ ඉපදිලා හැදුන වැඩුන රුක්මල් ද සිල්වා බදුල්ලෙ හාලිඇලට ගියේ වැඩිදුර අධ්‍යාපනය ලබන්න. රුක්මල් පුතා පාසල් ගියේ බදුල්ලේ ධර්මදූත මහා විද්‍යාලයට.

රුක්මල් ගේ අම්මා දීපා ලොකු කුමාරගේ. සහෝදර සහෝදරියන් 12ක් ඉන්න ලොකු පවුලක බාලයා ඇයයි.

පුංචි දවස්වල ඉඳලා කාගෙත් හුරතලෙන් හැදුණු මේ දරුවා අධ්‍යාපනය සමග සම සමව ක්‍රීඩාවෙනුත් ඉදිරියට ගියා.

බදුල්ලෙ වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ ගැවසෙන කොයි කවුරුත් රුක්මල් සිල්වා ගැන දන්නවා.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා වාණිජ අංශයෙන් උසස් පෙළ පංතියට ගියා. රුක්මාල්ගේ අම්මට ඕන කළේ ඔහුට හොඳට උගන්නලා හමුදාවේ හෝ පොලිසියේ හෝ හරි ඉහළ තනතුරක තබන්න.

අම්මගේ පැත්තෙන් එයාගේ අයියලා මල්ලිලා හය දෙනෙක්ම හමුදාවේ පොලිසියේ ඉහළම ප්‍රධානීයෝ. රගර් ක්‍රීඩාවට රුක්මාල් ආශා කළා.

රුක්මාල්ගේ තාත්තා ලෙනාඩ්. එයාටත් ඕන කළේ තම පුතා හොඳ ක්‍රීඩකයෙක් කරන්න.

ධර්මදූත විද්‍යාලය සහ ඌව මහා විද්‍යාලය අතර වසරක් පාසා බිග් මැච් තිබුණා. බිග් මැච් ගැහුවට වාහන වල නැගලා කෑකෝ ගහගෙන පාරේ පෙළපාලි යන්න මව්පියෝ ගුරුවරු කොහෙත්ම කැමැති නැහැ.

ක්‍රිකට් මැච් එක මාර්තු 31 දා පටන්ගත්තා. අප්‍රේල් 1 දා උදා වුණා. උදේ අම්මට වැඳලා රුක්මල් පුතා ගෙදරින් ගියා.

ඉස්කෝලේ ළඟින්ම රිය පෙරහැර පටන් අරං. යාළුවෝ තුන් හතරදෙනා එක්ක රුක්මල් බොලෙරෝවකට ගියා. ඒක ආරක්ෂිත වාහනයක් නොවෙයි. බොලරෝවෙ ආරක්ෂාව තිබුණෙ ඉස්සරහ ඉන්න දෙන්නට විතරයි.

රුක්මල් බොලරෝවෙ පිටිපස්සේ දොරේ වාඩිවෙලා ගමන යන්න පටන් ගත්තා. ඊට දරාගන්න බැරි ළමුන් විස්සකට වැඩි පිරිසක් ගොඩ වී සිටියා. වාහන පෙළ බදුල්ල ටවුම හරහා රේස් ගියා. අනාරක්ෂිතව ගිය වාහන දුටු පොලිසිය ගමන තහනම් කළා. මේ නිසා මේ පිරිස කෙළින්ම ගියේ රේස් කෝස් පිටියට. ඒක ළඟකදී පස් පුරවලා සකස් කර තිබුණ තැනක්.

වාහන හැම එකක්ම සෙල්ලම් දාන්න පටන් ගත්තා. දිගට රවුම් ගියා. එක තැන හරවා හරවා ගියා. පිට්ටනිය දූලි වලාවලින් පිරී ගියා. අවට සිටි අය ඔවුන්ගේ ක්‍රියාව ගැන බලමින් සතුටු වෙන්න පටන් ගත්තා. පාසලේ කොඩි අහසට ඔසවා කෑ ගැසුවා. මේ අතරේ වේගය පාලනය කර ගත නොහැකි වූ බොලරෝව පස් ගොඩ මත කිසිවකු නොසිතූ විදියට පෙරළි

ගියා. අවට සිටි අය ප්‍රමාද නොවී තුවාලකරුවන් ඌව පළාත් මහ රෝහලට ගෙන යන්න කටයුතු කළා.

බදුලු මහරෝහලේ හදිසි අනතුරු ඒකකය තුළ සීක්කු බදුගේ හරින් රුක්මාල් ද සිල්වා දරුවා සමග සමග තවත් මිතුරකු වන රවිදු දුලක්ෂණ හැමදෙනා අතහැර එකම ගමනක් ගොස් තිබුණා.

ඔවුන්ට නිවන් සුව පතා සැනසෙමු!
බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment