පිටිපස්සෙන් නෙවෙයි ජනතා අරගලවල සජීවීව පෙරටුගාමීන් ඉන්නවා – කුමාර් ගුණරත්නම්

214

ගාලුමුවදොර ජනතා අරගලය පිටුපස පෙරටුගාමීන් සිටින්නේ දැයි ප්‍රශ්න කරන අයට කීමට ඇත්තේ රටේ සෑම ජන අරගලයකම පිටුපස්සෙන් නොව සජීවීව සිය පක්‍ෂය සිටින බව යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහාතා ඊයේ පැවසීය.

එම පක්‍ෂයේ මැයි දින රැලිය කොළඹ විහාරමහා දේවී උiානයේදී ඊයේ පැවැති අවස්ථවේදී ඒ මහතා මේ බව කීවේය.

ජනතාවගේ බලය හා අරගලය විශ්වාස නොකළ පිරිස් ද අද එය විශ්වාස කරන බව ද පැවසූ ඒ මහතා පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලයක් ගොඩනැඟීම ප්‍රායෝගික නැතැයි අද කියන පිරිස්වලට අනාගතයේදී එය ද ප්‍රායෝගික වන බව පෙනී යනු ඇතැයි ද කුමාර් ගුණරත්නම් මහතා එහිදී පැවසීය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment