පිටි කිලෝව 265ට බැස්සත් පාන් මිල එහෙමමයි

102

ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල දෙවරක් අඩුකර පිටි කිලෝවක මිල රු.265 ක් දක්වා පහත දමා ඇතත් බේකරි හිමියන් ග්‍රෑම් 450 ක් බර පාන් ගෙඩියක මිල පහළ නොදැමීම නිසා පාරිභෝගිකයන් අපහසුතාවට පත්ව ඇත.

තිරිඟු පිටි මිල අඩුවීමට සමගාමීව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ද පහත දැමිය යුතු වුවත් මේ වනවිට පාන් ගෙඩියක් රු.160 සිට 210 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වෙයි. පිටකොටුවේ තිරිඟු පිටි තොග වෙළෙඳසල්, පිටි මිල අඩුකළ ද තම නිෂ්පාදන සඳහා පිටි සපයන ප්‍රධාන සමාගම් දෙක පිටි කිලෝව රුපියල් 250 ට අඩු කිරීමට රජය මැදිහත්වන්නේ නම් එහි සහනය පාරිභෝගික ජනතාවට ලබාදෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ පිළිබඳ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා මෙසේ ද පැවැසීය.

වසරකට පෙර රු.85.50 ක්ව තිබුණු තිරිඟු පිටි කිලෝවක මිල රු.450 ක් දක්වා ඉහළ ගියේ රජය මිල පාලනය ඉවත් කිරීම නිසයි. දැන් මිල අඩු කරන්නේ අසාධාරණ ලෙස පිටි මිල වැඩි කළ ‘කළුකඩ’. නමුත් බේකරි හිමියන්ට පිටි සපයන ප්‍රධාන සමාගම් දෙක තවම මිල අඩුකර නැහැ. ඒ හේතුව නිසා අපට පාරිභෝගික ජනතාවට ‘ඉක්මන් සහන’ ලබාදීම ගැටලුවක්.
සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment