පිට යන අයට ෆයිසර් දෙයි

316

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම අද (28දා) නාරහෙන්පිට යුද හමුදා රෝහලේදී ආරම්භ කෙරිණ.

ආරම්භක දිනයේ මෙම එන්නත ලබා දෙනු ලබන්නේ බස්නාහිර පළාතෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විදෙස් රැකියා අපේක්ෂිත ඊට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරනු ලැබූ ශ්‍රමිකයන්ට බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත්ව යන රටවල් රැසක්ම පිළිගනු ලබන්නේ ෆයිසර් එන්නත බැවින් එම එන්නත මෙම විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීම සඳහා පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී එකඟතාවය පළ කෙරිණ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකායේ පූර්ණ සහයෝගය ඇතිව අද දින යුද හමුදා රෝහලේදී මෙම එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ විණි.

අද සිට එම ශ්‍රමිකයන් 1200කට පමණ එන්නත ලබා දෙන අතර, අද සිට දිගටම මෙම වැඩසටහන
ක්‍රියාත්මක කෙරේ. විදේශ රැකියා සඳහා රැකියා බලපත්‍ර ලැබූ සහ ඊට අදාළ අවසරයන් ලැබූ පුද්ගලයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියේ ලියාපදිංචිවීමෙන් මෙම එන්නත ලබා ගත හැක. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අඅඅගිකඉfැගකන යන වෙබ් අඩවිය ඔස්සේ මෙම එන්නත් ලබා ගැනීමට ඔවුන්ට ලියාපදිංචි විය හැක.

advertistmentadvertistment
advertistmentadvertistment