පිඬුසිඟා වඩිද්දී බඳින තුවක්කුවක්  පත්තුවී හිමිනමක් අපවත් වෙති

719

පන්සියගම පොලිස් බළප්‍රදේශයේ නාඋයන අරණ්‍ය සේනාසනයේ වැඩසිටි වනවාසී පූජ්‍ය උඩුගම පේමවංශ (34) හිමියන් පසුගිය දිනක අවට ගම්මානයේ පිඬුසිඟා ආපසු කුටියට වැඩමකරමින් සිටියදී වන සතුන්ට බඳින ලද තුවක්කුවක මරුවැල පෑගී අපවත් වී තිබේ. වසර හතරක පමණකාලයක් පුරා නාඋයන අරණ්‍ය සේනාසනයේ වැඩසිට බණ භාවනා කළ මුන්වහන්සේ දිවාකල දානය ලබාගැනීම සඳහා සේනාසනය අවට ගොදුරු ගම්මානවලට පිඬුසිඟා වැඩමකරන හිමිනමකි.

හිමියන්ගේ මෘත දේහය කැළෑවක තිබී හඳුනාගත් අසල්වැසියෙකුගෙන් ඊයේ (12 දා) පොලිසියට ලද දුරකතන ඇමතුමක් මත මෙම මෘතදේහය සොයාගෙන තිබිණි.

මහව වැඩබලන මහෙස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණය සිදුකර වෙඩි වැදී අපවත්වූ පූජ්‍ය උඩුගම පේමවංශ හිමියන්ගේ මෘතදේහය භූමදානය කිරීමට නියෝග කළ අතර මෘතදේහය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත පශ්චාත් මරණ පරීක්ෂණය සදහා යොමුකිරීමට නියෝගකළ බව පන්සියගම පොලිස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල
 

advertistmentadvertistment
advertistmentadvertistment