පිත්තල හන්දියේ මැණික් හා රන් ආභරණ වෙළෙඳ සලකින් කෝටි 1 1/2 ක ආභරණ සොරාගෙන

418

කොල්ලුපිටිය, පිත්තල හන්දියේ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සලක් බිඳ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් මැණික් හා ස්වර්ණාභරණ සොරාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම සොරකම පෙරේදා (18 දා) අලුයම 5.00 ත් පෙරවරු 7.00 ත් අතර කාලයේ සිදුවී ඇතැයි පොලිසිය කියයි.

එම වෙළෙඳ සලේ කළමනාකරුගේ පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්‍ෂණ ඇරඹීය.

සැකකරු එම වෙළෙඳ සලේ යකඩ දොරවල් කඩා ඇතුළුවී එහි තිබූ මැණික් ගල් ඔබ්බවන ලද රන් මාල ඇතුළු ස්වර්ණාභරණ රැසක් සොරාගෙන ගොස් ඇතැයි පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

හිසේ තොප්පියක් පැළඳ මුහුණු ආවරණ සහිතව එම වෙළෙඳ සලට පැමිණි පුද්ගලයකු මේ සොරකම සිදුකරන අයුරු එහි තිබූ සී සී ටී වී කැමරාවල සටහන් වී තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් මෙහෙයුමක් අරඹා තිබේ.

මේ පිළිබදව කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩිලාන් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මහින්ද ජයසිරි මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

 

advertistmentadvertistment
advertistmentadvertistment