පිඹියකන්ද කැලෑවක  පෙම් යුවළක් දිවි නසාගෙන – පෙම්වතියට වයස අවුරුදු 16යි – පෙම්වතාට අවුරුදු 20යි

854

කරන්දෙණිය පිඹියකන්ද කැලෑබද ප‍්‍රදේශයක දී දිවි හානි කර ගෙන සිටි පෙම්වතුන් යුවළකගේ මළ සිරුරු ඊයේ (25 දා) රාතී‍්‍ර සොයාගත් බැව් කරන්දෙණිය පොලිසිය පවසයි.

මෙකී පෙම්වතුන් යුවළ එම ප‍්‍රදේශයේ ගසක් ආශි‍්‍රතව දිවි හානිකර ගෙන සිටි බව පොලිසිය පවසයි. දිවි හානි කරගෙන ඇත්තේ 16 හැවිරිදි වියේ පසුවූ පාසල් දැරියක හා ඇයගේ පෙම්වතා වන 20 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි. මෙම පෙම්වතුන් යුවළ පිඹියකන්ද ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. නිවෙස් ආසන්නයේ ඇති කැලෑබද ප‍්‍රදේශයකට ගොස් මොවුන් දිවි හානි කර ගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මොවුන් දෙදෙනා අතර පේ‍්‍රම සම්බන්ධතාවයක් තිබී ඇති අතර ඊට දැරියගේ පියා විරුද්ධ වී ඇත. මෙකී බාලවයස්කාර දැරිය 20 හැවිරිදි වියේ පසුවන පෙම්වතා විසින් මීට පෙර ¥ෂණයට ලක්වී ඇති අතර ඒ සම්බන්ධව පෙම්වතාට එරෙහිව අධිකරණයේ නඩුවක් පවතින බව ද පොලිසිය පවසයි.

පෙම්වතුන් යුවළගේ මළ සිරුරු ඇල්පිටිය රෝහලේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබුණි. කරන්දෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ගාල්ල ලලිත් චාමින්ද ,- එස්. කේ. කළුආරච්චි, නියාගම – විල්සන් විජේසිංහ –සහ ඇල්පිටිය – විදානආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment