පියසිරි අයියගෙ පොරොන්දම් ගැළපිල්ල – අබ්ලික්‌ Story

344

ලෝචනා නංගි මම ඕගොල්ලන්ගෙ ගෙවල් පැත්තට යන්නෙ එන්න යන්න මාත් එක්ක ත‍්‍රිරෝද රථයෙන් ආව පියසිරි අයියා ලෝචනා නිවසට ඇරලවන්න කතා කළා. පියසිරි අයියව කාලයක් තිස්සෙ දන්නා හඳුනන නිසා කිසි කතාවක් බහක් නැතිව ඇයත් ඊට ගොඩ වුණි.
 
 ලෝචනා මොනරාගල පැත්තෙ බොහොම දුෂ්කර ගමක පදිංචිවෙලා ඉන්න 15 හැවිරිදි දැරියක්. ඇය අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේ අරමුණෙන් අමතර පන්තිවලට සහභාගි වුණා.
 
 වයසට වඩා පෙනුමට හිටිය ලෝචනා බොහොම පියකරු දැරියකි. මොනරාගල නගරයේ අමතර පන්තියක් නිම වී පොත් මිටියත් තුරුළු කරගෙන ඉන්න අතරෙදි තමයි ලෝචනාට පියසිරි අයිය මුණ ගැහුණේ.
 
 සුහදශීලි වචන හුවමාරුවක් වන අතරේ පියසිරි අයියා ලෝචනා හීනෙකින්වත් නොහිතපු යෝජනාවක් ඉදිරිපත් කළා.
 
 නංගි මං කාලයක් තිස්සේ බලා හිටිය ඔයාට මේ ගැන කියන්න. මං ඔයාට ආදරෙයි මං කැමතියි ඔයාව කසාද බඳින්න.
 
 පියසිරි අයියගෙ යෝජනාවෙන් ලෝචනා කලබල වුණා.
 
 ඔයාට පිස්සු ද අයියෙ. මං මේ ඕලෙවල් කරගන්න ට‍්‍රයි කරනවා. ඔයා කසාද බඳින්න කතා කරනවා. මට මගේ පාඩුවේ ඉගෙන ගන්න දෙන්න. ඕව ගැන හිතන්න තව කල් තියනවා.
 
 ලෝචනා පියසිරි අයියගෙ යෝජනාව එකවරම ප‍්‍රතික්‍ෂේප කළා. පේ‍්‍රම යෝජනාව ප‍්‍රතික්‍ෂේප කළාට පියසිරි අයියා ලෝචනා පස්සෙ යන එක නතර කළේ නැහැ. මාස ගානක් තිස්සේ කරපු පේ‍්‍රමණීය ආයාචනාවලින් පස්සෙ පියසිරිට ලෝචනාගෙ කැමැත්ත ලබා ගන්න හැකි වුණා.
 
 ඒ වනතුරු ලෝචනා අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන ගිය ශිෂ්‍යාවක්. ඒත් පියසිරිගෙ සම්බන්ධයෙන් පස්සෙ ලෝචනාගෙ අධ්‍යාපන කටයුතු ටිකෙන් ටික බිඳ වැටෙන්න ගත්තා. ? එළිවෙන තුරු මේ දෙන්න දුරකථන ඔස්සෙ පෙම් කෙලින්න පටන් ගත්තා. අධ්‍යාපන වැඩ පැත්තක තිබ්බ ලෝචනා දවස තිස්සෙම කලේ පියසිරිට එස්. එම්. එස්. ගහන එක.
 
 වැඩි දවසක් යන්න ඉස්සර ලෝචනා පියසිරි පේ‍්‍රමවෘතාන්තය දලූ ලා වැඩෙන්න ගත්තා. ඒ වෙනකොට පියසිරි ලෝචනාට විවාහ පොරොන්දුවක් දීලා තිබුණා.
 
 ලෝචනා අපි දෙන්නගෙ හඳහන් බලන්න ඕනෙ. පොරොන්දම් ගැලපෙනවද බලන්න. අනික හොඳ දේවාලයක් තියනවා බදුල්ල පැත්තෙ. එතන කපු මහත්තයා සාත්තර කියනවා. මං කැමතියි අපි දෙන්නගෙ අනාගතේ ගැන සාස්තරයක් බලන්න.
 
 පියසිරි එහෙම කිව්වම ලෝචනාටත් ආස හිතුනා. එයාගෙ අනාගතේ ගැන දැන ගන්න. හඳහන් ගැලපෙනවද කියල බලාගන්න.
 
 අමතර පංතියකට සහභාගි වෙනවා කියල ගෙදරින් පිටවෙච්ච ලෝචනා පියසිරිත් එක්ක ත‍්‍රිවිලර් එකේ නැගලා සාස්තර අහන්න බදුල්ලෙ දේවාලෙට යන්න පිටත් වුණා.
 
 අතරමගදී පියසිරි වෙළඳසලකින් ලොකු කේක් ගෙඩියකුයි කෝලිකුට්ටු ඇවරියකුයි ගත්තා. දේවාලෙ යන්න කේක් මොකටද කියල අහන්න තරම්වත් විඥ්ඥානයක් ලෝචනාට තිබුණෙ නැහැ.
 
 පියසිරි දේවාලෙ යන එක පැත්තක තියලා එයාගෙ යාළුවෙකුගෙ ගෙදරට ගොඩවුණ අතර මගදී.
 
 මේ කොහෙද යන්නෙ. අපි බදුල්ලෙ දේවාලෙට යන්නේ නැද්ද?
 
 ලෝචනා පියසිරිගෙන් ඇහුවා. එක දිගටම ත‍්‍රිවිල් එකේ ආව නිසා මහන්සි ඇතිනෙ. අපි ටිකක් රෙස්ට් කරලා තේ එකක් බීලා එහෙම යමු. මොකද පූජාව පටන් ගන්නෙ හවස ඒවෙලාවට ගියාම ඇති.
 
 පියසිරි ලෝචනාගෙ සැකය දුරු කරන්න වගේ කිව්වා. පියසිරි යාළුවට ලෝචනාව හඳුන්වලා දුන්නෙ එයා බඳින්න ඉන්න ගර්ල් කියලා.
 
 අද දවල්ට මෙහෙ කෑම ලෑස්ති කරනවා කෑම කාලම යන්න. එතකල් ටිකක් රෙස්ට් කරන්න.
 
 එහෙම කිව්ව පියසිරිගේ යාළුවා ඒ නිවසේ කාමරයක් ඔවුන් වෙනුවෙන් ලෑස්ති කරලා දුන්නා.
 
 ඒ වෙනකොට ලෝචනා පියසිරි කියන ඕනෙම දේකට අවනත වෙලා හිටියෙ ඇයටත් ඕන වෙලා තිබුණෙ පියසිරිත් එක්ක කොහෙ හරි තනි වෙන්න. එදා ඒ කාමරේ බිත්ති හතර ඇතුලේ බොහෝ දේ සිද්ධ වුණා. යුවතියක් විදිහට කාමරේට ඇතුළු වෙච්ච ලෝචනා ඉන් පිටවුණේ ගැහැණියක් විදිහට.
 
 අනේ පියසිරි මාව අමතක කරන්න එපා. අපි ඉක්මනට කසාද බඳිමු. මට දැන් ඔයා නැතිව බැහැ. මං ඉස්කෝලෙ යන්න ඕනෙත් නැහැ.
 
 ඕලෙවල් කරන්න හිතාගෙන ඉන්න පුංචි කෙල්ල මහ ගෑනියක් වගේ පියසිරිට කිව්වා.
 
 කොහොම කොහොම හරි එදා මේ දෙන්න දේවාලෙ ගියෙත් නැහැ. හඳහන් බැලූවෙත් නැහැ. පියසිරි කියන නරුමයා පුංචි ලෝචනාගේ ජීවිතේම බිලි අරගෙන ආපසු එයාව ගෙදරට ඇරලූවා.
 
 මේ විදිහට පියසිරි පුංචි ලෝචනාව රවට්ටගෙන මාස දෙකතුනක් යන කල් සාත්තර අහන්නයි. හඳහන් බලන්නයි පූජාවල් තියන්නයි කියලා රට වටේ එක්කරගෙන ගිහින් මිනිහගේ අවශ්‍යතාවල් ඉටුකර ගත්තා.
 
 ටික කාලයක් ගත වුණා. පියසිරි හිටි හැටියෙම අතුරුදන් වෙලා. ලෝචනා පියසිරිව හොයන්න ගත්තා. එයාගේ දුරකථනයත් විසන්ධි කරලා. ඒ වෙනකොට ලෝචනා අන්ත අසරණ වෙලා හිටියේ.
 
 ලෝචනාගේ වෙනස් වීම ගැන වැඩිහිටියෝ ප‍්‍රශ්න කළා. හැම දාමත් හැම දේම හංගගෙන ඉන්න බැරි නිසා ලෝචනා වෙච්ච හැම දෙයක්ම අම්මට කිව්වා. ඒ වෙන කොට ඒ පාපතරයා නිසා ලෝචනා ගැබිනියක් වෙලා.
 
 අන්තිමේදී මේ ප‍්‍රශ්නය පොලිසිය දක්වා දුරදිග ගියා. විමර්ශනය කරපු පොලිසිය පියසිරිත් අත්අඩංගුවට ගත්තා. බාලවයස්කාර දැරියක් ¥ෂණය කිරීමේ වරදට පියසිරි බන්ධනාගාර ගත කෙරුණා. ඕලෙවල් කරන්න හිටිය ලෝචනා රෝහල් ගත කළේ පියෙක් නැති දරුවෙක් බිහි කරන්න.
 
 රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment