පියාගේ කලා උරුමයට පණ දෙන පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ- දුලාජ් අක්මීමන

479

පියෙකුට තමන්ගේ හැකියාව, උරුමය මෙන්ම දක්ෂතාවය ඉදිරියට ගෙන යන දරුවකු වෙත් නම් එම පියා ලබන සතුට අපමණය. දක්ෂ චිත්‍ර සහ මූර්ති නිර්මාණ ශිල්පියෙකු වන ගාල්ලේ අක්මීමන කලාකීර්ති සුමිත් අක්මීමන මහතාත් එවැනි වාසනාවන්ත පියෙකි. පන්සල් පනහකට වැඩිය නිර්මාණය කරමින් දේශීය මූර්ති හා චිත්‍ර කලාවේ තමන්ගේ සලකුණක් තැබීමට සමත්වූ ඔහු සිය පොඩි පුතු වන දුලාජ් සන්දීප අක්මීමන පිළිබඳව තබාගෙන සිටිනුයේ ලොකු බලාපොරොත්තුවකි. දැනටමත් චිත්‍ර විෂයයෙන් විශේෂ දක්ෂතා දක්වන දුලාජ් සන්දීප පුතු ඉගෙනුම ලබන්නේ පිළියන්දල මධ්‍ය මහා විiාලයේ 11 වැනි වසරේයි.පියාගේ අඩි පාරේ යන දුලාජ් සන්දීප සමඟ කතාබහ කරන්නට පසුගිය දිනවල අපට අවස්ථාවක් හිමිවිය.

“මම චිත්‍ර විෂයක් වශයෙන් හදාරනවා. කුඩා කාලයේ සිටම මට නිර්මාණ වැඩවලට ලොකු කැමැත්තක් තිබුණා. කැස්බෑව කලාපයේ දහම් පාසල් අතර පැවති චිත්‍ර තරගයෙන් මට ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකි වුණා. විiාලයීය කලා සංගමය මෙහෙයවූ චිත්‍ර තරගයෙන් මම අට වසරේදී හොඳම චිත්‍රයට මාගේ චිත්‍රය තේරුණා.

බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ තරගයක් පැවැත්වුවා. එම තරගයේදී කැස්බෑව කලාපයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මට පුළුවන් වුණා.”වීදාගම රජමහා විහාරයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ දුලාජ් සන්දීපගේ පියා වන කලාකීර්ති සුමිත් අක්මීමන මහතායි. එම නිර්මාණ කිරීමේදී දුලාජ් සන්දීප සිය පියාට චිත්‍ර ඇඳීමෙන් සහය දුන්නේය.

පියාගේ කලා උරුමයට පණ දෙන පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ- දුලාජ් අක්මීමන


“වීදාගම රජමහා විහාරයේ සිතුවම් නිර්මාණ කිරීමේදී මම ඊට දායක වුණා. එය මට මගේ ජීවිතයේ ලබපු ලොකු අත්දැකීමක්. ඉදිරියටත් චිත්‍ර අංශයෙන් වැඩිපුර අධ්‍යාපනය ලැබීමට මම බලාපොරොත්තු වෙනවා. චිත්‍රවලට වගේම මූර්ති කලාවටත් මට කුඩා කාලයේ සිටම හැකියාවක් තියෙනවා. මේ සියලු අංශවලින් මාගේ හැකියාවන් ප්‍රගුණ කර ගනිමින් සෞන්දර්ය අංශයෙන් රටට සේවය කිරීමයි මගේ අරමුණ.මට ඉගෙනීම ඇතුළු කලා කටයුතු කරගෙන යැමේදී දුෂ්‍යන්ති කරුණාසේන, සුභාෂිණී වල්පොල සමග රමණී අල්විස් ගුරු මහත්මීන්ගෙන් ලැබෙන සහයෝගය කෘතඥපූර්වකව සිහිපත් කරනවා.ඒ වගේම තමයි මගේ පියා. ඔහුගේ හැකියාව දක්ෂතාවය නිපුණතාවය ඔස්සේ ඔහුගෙන් මට ලැබෙන ගුරුහරුකම් රටක් වටිනවා. මාගේ කලා කටයුතුවලට සෙවනැල්ලක් වගේ ඉන්නේ ඔහුයි. ඒ වගේම මගේ අම්මා විනීතා අක්මීමන සහ කොළඹ විශ්වවිiාලයේ ඉගෙනුම ලබන තේජන අයියාගෙන් සහ නැගණිය මිතාරාගෙන් ලැබෙන දිරිගැන්වීම, ඇගයීම මට ලොකු ශක්තියක්”

වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment