පියාගේ දානෙට වෙන් කර තිබූ ලක්ෂය කොවිඞ් නිසා අසරණ වූ පුද්ගලයන්ට බෙදා දෙයි

423

කන්තලේ ප‍්‍රදේශයේ පදිංචිව සිටි තම ආදරණීය පියාගේ දානමය පුණ්‍යකර්මය වෙනුවෙන් වෙන් කොට තිබූ රුපියල් ලක්ෂයක මුදලක් කොවිඞ් නිසා අසරණ වූ පුද්ගලයන්ගේ බඩගින්න නිවා දැමීම සඳහා පරිත්‍යාග කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් පානදුර ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

ඔහු නමින් තරංග අමරසූරියයි. ගොවිතැනින් දිවිගෙවූ අමරසූරිය මහතා මීට වසර දහ අටකට පෙර කොළඹ නගරයේ රැකියාවකට පැමිණ තිබේ. එහෙත් ඔහු ගොවිතැන් අතහැර නොමැති අතර මසකට කිහිප වතාවක්ම පානදුර නගරයේ සිට ගොවිතැන් කටයුතු සඳහා කන්තලේ ප‍්‍රදේශයට ගොස් ගොවිතැන් කටයුතුවල නිරත වී ඇත.

පියාගේ දානෙට  වෙන් කර තිබූ ලක්ෂය  කොවිඞ් නිසා අසරණ වූ පුද්ගලයන්ට බෙදා දෙයි

මීට වසරකට පෙර ඔහුගේ පියා වන අමරසූරිය මහතා  මියගොස් ඇති අතර ඔහු වෙනුවෙන් අවුරුද්දේ දානමය කටයුතු සිදු කිරීම සඳහා කන්තලේ ප‍්‍රදේශයට යාමට තරංග මහතාට අවස්ථාව නොලැබුනේ සංචරණ නීතිරීති සීමා පැනවීම හේතුවෙනි.

පසුව ඔහු තම සන්තකයේ තිබූ රුපියල් ලක්ෂයක පමණ පුද්ගලික මුදල් යොදවා කොළඹින් වියලි ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන තම පවුලේ සාමාජික සාමාජිකාවන් සම්බන්ධ කර ගනිමින් ඒවා පැකට් කොට පානදුර ප‍්‍රදේශයේ කොවිඞ් නිසා අසරණ වූ පුද්ගලයන්ගේ නිවසටම ගොස් ඒවා බෙදා දීමට පියවර ගත්තේය.

පානදුර – දීපිකා කාරියවසම්
 

advertistmentadvertistment
advertistmentadvertistment