පියාගේ පහර දීමෙන් පුත‍්‍රයා මරුට

564

ගොමුගොමුව, කඩවලගෙදර ආසිරි උයන ප‍්‍රදේශයේදී පියකුගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන් කළ පහරදීමකින් එම අයගේ පුතු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය පවසයි.

එසේ මියගොස් තිබුණේ කුලියාපිටිය, ගොමුගොමුව ප‍්‍රදේශයේ පදිංචිව සිටි ලියනගේ දොන් තරි`දු චන්ද්‍රසිරි නොහොත් කලූමල්ලී නැමැති 26 හැවිරිදි අයකි. මියගිය අය දෙවතාවක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය සමග අසුවී කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි අයකු බවත් සිද්ධියට සැකපිට අදාළ මරණකරුගේ පියා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් කුලියාපිටිය පොලිසිය පවසයි.

අධික බීමතින් නිවෙසට පැමිණ තිබූ මරණකරු මව හා සොහොයුරිය සමගින් බහින්බස්ව පහරදී තිබූ බවත් එහිදී කෝපයට පත් මරණකරු සිය කාමරයේ දොර වසා සිය හිසින් දොරට පහරදී සිටියදී ජනේලයෙන් පැන සොයුරිය විසින් මරණකරු බේරා තිබූ බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිව තිබිණ.

එහිදී හිසට සිදුව තිබූ තුවාල හේතුවෙන් පළමුව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලටත් අනතුරුව ශල්‍යකර්මයක් සඳහා කුරුණෑගල පළාත්බද මහ රෝහලටත් මාරුකර යවා තිබූ මරණකරු එහිදී මියගොස් තිබූ අතර වෛද්‍යවරුන් මරණය සැක සහිත බවට කළ දැනුම්දීම මත පොලිසිය විමර්ශන අරම්භකර තිබිණ.

එ් අනුව පොලිසිය නිවෙස හා එ් අවට සිදුකළ මෙහෙයුමෙන් අනතුරුව මරණකරුට පහරදී තිබූ ලේ තැවරුණු යකඩ පොල්ල සොයාගැනීමෙන් අනතුරුව නිවැසියන්ගෙන් එ් පිළිබඳ කළ ප‍්‍රශ්න කිරීමේදී පියා විසින් පුතුගේ හිසට එසේ පහරදුන් බව පිළිගෙන තිබිණ.

පසුව වැඩිදුරටත් කළ ප‍්‍රශ්න කිරීමේදී සිද්ධිය වූ යැයි කියන දින රාත‍්‍රියේ මවට සහ සොහොයුරියට පහරදීමෙන් අනතුරුව පියා සමගද බහින්බස්ව ඇති මරණකරු මිදුලෙහි වූ යකඩ පොල්ලක් රැගෙන පියාට පහරදෙන්නට සූදානම් වීමත් සමගින් අසල තිබූ පොල්ලකින් පියා ඔහුගේ ආරක්‍ෂාව පතා මරණකරුගේ හිසට පහරදී තිබූ බවද අනාවරණය වීමත් සමගින් පොලිසිය සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබිණ. කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර, සහකාර පොලිස් අධිකාරී අතුල අබේරත්න, වැඩබලන මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක විජේසූරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන එ්කකයේ ස්ථානාධිපති සුදේශ් අමරසේන, උප පොලිස් පරීක්‍ෂක සරත්, පොලිස් සැරයන් නාලක (50793) එරන්ද (61149) රංජිත් (45417) පාලිත (59474) තෙන්නකෝන් (68384) හපුආරච්චි (79709) යන නිලධාරීන් පරීක්‍ෂණ මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment