පියාගේ පාපැදිය ඉස්සූ පුතා ගාල්ලේදී අල්ලයි

405

තම පියාගේ පාපැදිය ඇතුළු පාපැදි තුනක් සොරකම් කරන ලද සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වංචාවල මීගොඩ පදිංචි 28 හැවිරිදි විවාහකයෙකි. සැකකරුගේ පියාගේ පාපැදිය ඇතුළු පාපැදි කිහිපයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත්තේ සැකකරු වරායේ ධීවරයන්ට උදව්කරුවෙක් ලෙස රැකියාව කරන අතර අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවී ඇති බවය. මත්ද්‍රව්‍ය පානයට මුදල් සොයා ගැනීම සඳහා පියාගේ පාපැදිය ඇතුළු තවත් පාපැදි කිහිපයක් සොරකම් කර විකුණා මත්ද්‍රව්‍ය පානයකර ඇති බවද අනාවරණයවී ඇත. පසුව සැකකරුගේ

ප්‍රකාශ මත සොරකම්කර විකුණා තිබූ පාපැදි තුනක් ද සොයාගෙන ඇත. ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන්වරුන් වන සමරනායක (25312) ලලිත් (59045) යන මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment