පියාගේ පොරෝ පහරින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුතා නිදි ඇඳේදීම මරුට

882

තම පුතා මතින් මුදවා ගන්න පියා මීට පෙර ලක්‍ෂ 18ක් වැය කරලා

අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සිය දෙවෙනි පුතුගේ නොහික්මුණු හැසිරීම් ඉවසා දරාගැනීමට නොහැකිවූ පියා (විශ්‍රාමික විදුහල්පති) පුතු නිදිසිටියදී ඇඳේදීම 4 වැනිදා අළුයම හිසට පොරවෙන් පහරදී ඝාතනය කිරීමේ පුවතක් රීදීගම පොලිසියෙන් වාර්තා වෙයි.

පියාගේ පොරෝ පහරින් හිසට බරපතළ ලෙස හානිසිදුවී නිදී ඇඳේදීම ජීවිතක්ෂයට පත්වූ පරාක්‍රම බණ්ඩාර ජයලත්

ඉබ්බාගමුව මැදිවිදුහලේ උසස්පෙළ තෙක් අධ්‍යාපන ලැබූවෙකි. පාසල් කාලය තුළදීම ඇති කරගත් ප්‍රේම සබඳතාවක් මත එළැබෙන 11 දින සිය විවාහ මංගල උත්සවයට දින නියමකර අදාළ සියළු කටයුතු සුදානම් කරතිබියදී මෙසේ අකාලයේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

රීදගම සමුපකාර සංගමයේ හිටපු සභාපතිවරයකු මෙන්ම, කඹුරුළෙන පිරිවෙනේ හිටපු විදුහල්පතිවරයාගේ දෙවෙනි පුතු පරාක්‍රම බණ්ඩාර ජයලත් (27) මෙසේ පියාගේ පොරෝ පහරින් ජීවිතක්ෂයට පත්වී ඇත.

රීදීගම කවිසිගමුව උළුපල, උළුපලගෙදර ග්‍රාම නිලධාරී වසමේ පදිංචිව සිටි පරාක්‍රම විදේශගතව සිට (ඩුබායි) පැමිණ දින 20 පමණ කාලයකින් පසු මියගිය දින තමන්ට රුපියල් 80,000 දහසක මුදලක් පියාගෙන් ඉල්ලා කරදර කළ බවට තොරතුරු අනාවරණය වෙයි.

මරණකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ලොල්වු අයෙකු බවත් මොහු මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදාගැනීම සඳහා රුපියල් ලක්ෂ 18 අධික මුදලක් මීට පෙර වැයකර තිබෙන බවත් තතු දත් ආරංචි මාර්ග පවසයි. මියයෑමට පෙරදින මොහු පුනරුත්ථාපන කඳවුරකට රැගෙන යෑමට පියා සැළසුම් කර තිබුන බවද පැවසේ.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment