පියාගේ හා බාප්පාගේ පහරදීමෙන් දාහතර හැවිරිදි දැරිය නිවසේදීම මරුට

1471

වේදනාවෙන් කෑගැසූ විට පියා මහ රැ නිවසින් එළියට දමලා – රෝහලට ගෙනියන්න ඉඩදීලත් නෑ

පියා හා බාප්පාගෙ පහර දීමකින් පසු දාහතර හැවිරිදි දැරියක නිවසේදීම මියගොස් ඇති බව ගම්පොළ පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ මවුන් ටෙන්පල් ජනපදයේ පදිංචි උඩුදෙනිය වෙදරාළලා ගේ ගෙදර නිපුනි නුවන්තිකා බණ්ඩාර නමැති දැරියයි. ඇය ගම්පොල ශාන්ත ජෝශප් විද්‍යාලයේ නමය වසර පන්තියේ සිසුවියකි. ගැහැණු දරුවන් සිවු දෙනකුගෙන් යුත් පවුලක ඇය දෙවැන්නියා වන්නීය.

පියාගේ හා බාප්පාගේ පහරදීමෙන් දාහතර හැවිරිදි දැරිය නිවසේදීම මරුට

මෙම දැරිවියගේ බාප්පා (පියාගේ මල්ලි) ගම්පොල අංගම්මන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කොළඹ ප‍්‍රදේශයට යාමට ඇති නිසා නිවෙසේ සිටින ඔහුගේ දියණිය හා මව බලා

ගැනීමට යැයි පවසා මෙම දැරිය එම නිවසට පසුගිය 13 දින කැඳවාගෙන  ගොස් තිබිණි.

එම නිවසේ සිටිමින් පසුගිය බදාදා දින දක්වා පාසල්ද පැමිණ ඇති ඇය ඉන්පසු දින දෙකක් පාසල් ගොස් නොමැති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඒ අතර මෙම 19 වැනි දින ඇය නැවතත් නිවසට රැුගෙන විත් ඇති අතර එහිදී ඇය කිහිප වරක් වමනය දමමින් විකාර දොඩවමින් නිවසේ සිට ඇත.

ඇගේ ඥාතීන්ට ඇය පවසා ඇත්තේ බාප්පා පහරදුන් බවය. ඇයට දින දෙකක් පුරා ආහාරද නොලැබුණු බවද පැවැසී ඇත. ඒ අතර 21 දින ඇගේ රෝගී තත්ත්වය උත්සන්න වෙමින් තිබියදී පියාද අලූයම 2ට පමණ මෙම දැරිවියට පහරදී නිවසින් එළියට දමා ඇත්තේ නිදා ගැනීමටද නොමැති බව පවසමිනි. එහිදී පියා විසින් දැරියගේ මවටද පහරදී ඇති බවත් පොලිසිය පවසයි.

පසුව 21 දින උදෑසන 8 ට පමණ මෙම දැරිය අසල පිහිටි ඥාති නිවසකට රැුගෙන ගිය පසු ඔවුන් ඇය රෝහල් ගත කිරීමට උත්සාහ කළද එයටද පියා ඉඩදී නොමැති නිසා දැරිය එසේ වේදනා විඳිමින් සිට දහවල් 2 ට පමණ ඇඳ මතම අවසන් හුස්ම හෙළා ඇත.

මින් කලබලයට පත් මව ඇතුළු ඥාතීන් දැරිය ගම්පොල ශික්ෂණ රෝහල වෙත රැුගෙන ගියද ඇය මියගොස් සිටින බව රෝහලින් දන්වා තිබේ. ගම්පොළ පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු ගම්පොළ මහෙස්ත‍්‍රාත් සහ දිසා විනිසුරු ශ‍්‍රීනිත් විජේසේකර මහතා එම ස්ථානයට පැමිණ මහේස්ත‍්‍රාත් පරීක්ෂණයක් පැවැත්විය. එහිදී මහේස්ත‍්‍රාත්වරයා පවසා සිටියේ පැය කිහිපයකට පෙර දැරිය රෝහල් ගත කළා නම් ඇය බේරා ගැනීමට තිබූ බවය.

සැකකාර පියා හා බාප්පා අත්අඩංගුවට ගන්නා ලෙස මෙහිදී දිසා විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය. දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (22*දින සිදුකිරීමට නියමිතව තිබිණි. සැකකාර 46 හැවිරිදි පියා හා 42 හැවිරිදි බාප්පා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ‍්‍රියන්ත පීරිස්, පොලිස් අධිකාරි කමල් ආරියවංශ, සහකාර පොලිස් අධිකාරී විපුල තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප‍්‍රනාන්දු, අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මෙහි පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

ගම්පොළ – සුරංග දිල්හාන්
 

advertistmentadvertistment
advertistmentadvertistment