පියාඹන පීරිසියක් ඇමරිකානු ගුවන් කඳවුරේ තිබූ න්‍යෂ්ටික අවි 10ක් අක්‍රිය කළා

1371

හිටපු ගුවන් හමුදා නිලධාරීහු දෙදෙනෙක් හෙළි කරති

පියාඹන පීරිසියක් විසින් ඇමරිකාවේ ගුවන් කඳවුරක ඇති න්‍යෂ්ටික මිසයිල 10 ක් අක්‍රිය කළ බව විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනකු මුල්වරට හෙළිකර ඇත. රොබට් සෙල්ස් හා රොබට් ජේම්ස් නමැති මෙම නිලධාරීන් දෙදෙනා තවදුරටත් පැවසුවේ එක් පියාඹන පීරිසියක් මගින් අත්හදා බැලීමේ මිසයිලයක් භාවිත කළ බවයි. මේ ගැන ඩේලිමේල් පුවත් පත හෙළි කර ඇත.

ඇමරිකානු මැක්ටස්ට්‍රෝව් ගුවන් කඳවුරේ තිබූ න්‍යෂ්ටික මිසයිල 10 අක්‍රිය වූ බව රොබට් සෙල්ස් මෙසේ වසන්වී තිබූ තොරතුරු හෙළි කරමින් දක්වා තිබේ. රොබට් සෙල්ස් සඳහන් කළේ එම තොරතුරු ඇමරිකානු නිලධාරීන් ජනතාවට හෙළි නොකළ බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment