පියා ඉදිරියේ දේහය ගොඩගැනේ – ෂාෆ්ටර්ගේ සිරුර කරාපිටියට

590

අභිරහස් අන්දමින් ඝාතනයට ලක්වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණයක් නැවත පැවැත්වීම සඳහා මාස 05 කට පසු ඊයේ (25දා) පෙරවරුවේ ගොඩගනු ලැබීය.

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂෆ්ටර් මහතාගේ දේහය විශේෂ පංච පුද්ගල කමිටුව හමුවේදී බොරැල්ල පොදු සුසාන භූමියේදී ඊයේ (25) පෙරවරුවේ ගොඩගනු ලැබීය. එම අවස්ථාවට පවුලේ ඥාතීන් වෙනුවෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පියාණන් වන චන්ද්‍රා ෂාෆ්ටර් මහතා එහි සිටි අයුරු හා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඒ අවස්ථාව නිරීක්‍ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාව ද දැක්වේ.

ඡායාරූප – යූ. කේ. අබේරත්න

පංච පුද්ගල අධිකරණ වෛi මණ්ඩලයක් විසින් කොළඹ මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ෂාෆ්ටර් මහතාගේ සිරුර මෙසේ නැවත ගොඩගෙන තිබුණි.

පියා ඉදිරියේ දේහය ගොඩගැනේ - ෂාෆ්ටර්ගේ සිරුර කරාපිටියට

ගොඩගනු ලැබූ ෂාෆ්ටර් මහතාගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීම සඳහා කරාපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ නියෝගයකට අනුව ඊයේ පෙරවරුවේ දී ෂාෆ්ටර්ගේ සිරුර ගොඩ ගන්නා ලදී. ෂාෆ්ටර් මහතාගේ සිරුර හඳුනාගැනීම සඳහා ඒ මහතාගේ පියා වන චන්ද්‍රා ෂාෆ්ටර් මහතා ඇතුළු ඥාතීන් පිරිසක් බොරැල්ල කනත්ත වෙත පැමිණ සිටියහ.

මෙම සිරුර ගොඩ ගන්නා අවස්ථාවේ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලය ද බොරැල්ල කනත්ත වෙත පැමිණ සිටි අතර කනත්තට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද ලබාදී තිබිණි.

පියා ඉදිරියේ දේහය ගොඩගැනේ - ෂාෆ්ටර්ගේ සිරුර කරාපිටියට

දෑත් දෙපා බැඳ දමා වයරයකින් ගෙළ සිරකර සිටිය දී දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල කනත්තේ සිටිය දී සොයාගත් අතර රෝහල් ගත කිරීමෙන් පසු ඒ මහතා මරුමුවට පත්ව තිබුණේ ඉකුත් දෙසැම්බර් මස 15 වැනිදා ය.

මෙම මරණය ගෙල සිර කිරීමකින් සිදුවූවක් බව මුල් පරීක්‍ෂණවලින් සඳහන් කර තිබුණ ද පසුව සිදුකළ මරණ පරීක්‍ෂක වාර්තාවකින් හෙළිවූයේ කිසියම් විසක් ශරීර ගතවීමෙන් එම මරණය සිදුවී ඇති බවයි.

ෂාෆ්ටර් මහතාගේ සිරුර නැවත ගොඩගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට පංච පුද්ගල වෛi මණ්ඩලය තීරණය කර තිබුණේ ඒ සම්බන්ධයෙන් නිවැරැදි වාර්තාවක් ලබාගැනීම සඳහා ය.

මෙම සිරුර ගොඩ ගැනීමට කොළඹ මහෙස්ත්‍රාත්වරිය අවසර ලබාදීමෙන් පසු බොරැල්ල කනත්තේ ෂාෆ්ටර් මහතාගේ සිරුර වළ දමා තිබූ ස්ථානය පොලිස් ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර තිබිණි.
හේමන්ත රන්දුනු

advertistmentadvertistment
advertistmentadvertistment