පියා සමග අද උදෑසන යතුරු පැදියේ පාසල් යද්දී දැරියක් අනතුරට

401


යාපනයේ කොකුවිල් විද්‍යාලයට යතුරු පැදියකින් පාසල් ශිෂ්‍යාවක් රැගෙන යමින් සිටියදී පෞද්ගලික බස් රථයක් එම යතුරු පැදියේ ගැටීමනිසා පියා සහ දියණිය බරපතල තුවාල ලබා අද උදෑසන යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ යාපනය කොකුවිල් විද්‍යාලයේ 8 වන වසරේ ඉගෙණුම ලබන එස්.සරණිකා නැමති ශිෂ්‍යාව හා ඇගේ පියාය.
පෞද්ගලික බස් රථයේ රියදුරාගේ නොසැලකිල්ල නිසා මේ අනතුර සිදුව ඇති බව පවසන යාපනය පොලීසිය එම බස් රථය හා රියදුරා අත් අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment