පියා හා බාප්පාගේ පහරකෑමට ලක්ව මියගිය නිපුනිගේ අවසන් කටයුතු අද

345


සිය පියාගේ හා බාප්පාගේ පහරකෑමට ලක්ව මියගිය බවට සැකකළ ගම්පොළ මවුන්ට් ටෙම්පල් ජනපදයේ පදිංචිව සිටි 14 හැවිරිදි නිපුනි නුවන්තිකා බණ්ඩාර නැමති 9 වන වසරේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියගේ අවසන් කටයුතු අද සවස සිදුකිරීමට නියමිතය.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව දේහය ඊයේ රාත්‍රියේ නිවස වෙත රැගෙන විත් තිබුණි.

පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය සිව සුබ්‍රමනියම් මහතා විසින් සිදුකර විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යොමුකර තිබේ.

අදාළ දැරියට එම දඬුවම ලබාදී ඇත්තේ ඥාති සොහොයුරියකගේ ප්‍රේම සම්බන්ධතාවකට දැරිය සහය ලබා දුන් බව කියන සිද්ධියක් මුල්කරගනිමින් බවට පසුගිය දා අනාවරණය විය.

advertistmentadvertistment
advertistmentadvertistment