පියැසි මත සූර්ය පැනල මඟින් විදුලි ඒකක මිලියන 320ක් ජාතික පද්ධතියට

24

වසර 2030 වන විට මුළු පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සියයට 70 දක්වා වර්ධනය කර ගැනීම රජයේ අපේක්ෂිත ඉලක්කය වේ. එම ඉලක්කය කරා යන ගමනේදී ලංකා විදුලිබල මණ්ඩලයට පැටවී ඇති වගකීම සුළුපටු නොවේ.

හිරු එළිය, සුළඟ, ජලය ආදී ස්වභාවික ප්‍රභවයන්ගෙන් ලබා ගන්නා බලශක්තිය රට සවිබල ගැන්වීම සඳහා පෙරට වඩා භාවිත කළ යුතුව ඇත්තේ රට මුහුණ දී ඇති අභියෝග දෙස බැලීමේදීය.

රජයේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේදී ලංකා විදුලි බල මණ්ඩලය ජයග්‍රහණ රැසක් මේ වන විට අත්පත් කර කරගෙන තිබේ.

පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop solar Scheme) එම ජයග්‍රහණ ගොන්නෙහි ප්‍රමුඛ තැනක් ගෙන තිබේ.

එකී ක්‍රමවේදය යටතේ මෙම 2024 වසරේ මැයි 31 වැනිදා වන විට විදුලි ඒකක මිලියන 320 ක් (320 million units) ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

රට පුරා විහිදී සිටින ලංවිම සූර්ය පැනල පාරිභෝගිකයන් එකී ජයග්‍රහණයේ හිමිකරුවන් වන අතර ඔවුන් සුවිශේෂී ජාතික කාර්යයක් සඳහා සහාය දී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටී.

සාම්ප්‍රදායික විදුලිය පාවිච්චි කිරීමේ ක්‍රමයෙන් බැහැරව නව තාක්ෂණික ක්‍රමවේදයන් ලබා ගනිමින් ජාතික පද්ධතියට විදුලිය විකිණීම සඳහා පාරිභෝගිකයන් යොමු වීම ඉතා වැදගත් අගය කළ යුතු කාර්යයක් බවත් සිහිපත් කළ යුතුමය.

පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය සාර්ථක කරගැනීම සඳහා විවිධ ඉංජිනේරුමය සහ තාක්ෂණික ගැටලුවලට විසඳුම් ලබාදෙන මණ්ඩලයේ සේවකයන් සිදුකරන්නා වූ මෙහෙවර මුදලට සීමා කළ හැකක් නොවේ. ඒ තරමටම එය රටට අවශ්‍ය සේවාවක්ය.

සූර්ය පැනලා ජාතික පද්ධතියට එක් කිරීම සඳහා කටයුතු කරන බෙදා හැරීම් අංශවල කාර්ය මණ්ඩලයේ මෙහෙවර ලංකා විදුලි මණ්ඩලය ඉතා ඉහළින් අගය කරයි.

පරිසර හිතකාමී මෙම ක්‍රමවේදය තුළ රටට මෙන්ම පාරිභෝගික ඔබට ඉතිරි වන මුදල අංක ගණිතයෙන් පමණක් ගණනය කළ හැකි එකක් නොවන බව අවිවාදිතය.

පියැසි මත සූර්ය පැනල මඟින් විදුලි ඒකක මිලියන 320ක් ජාතික පද්ධතියට

සූර්ය බලශක්තියේ ප්‍රයෝජන

සූර්ය බලශක්තියේ ඇති ප්‍රමුඛ වාසිය බලශක්ති සැපයුම්කරුවන්ගෙන් ලබා ගන්නා ස්වාධීනත්වය යි. සූර්ය පැනල සවිකර ඇති විට, තවදුරටත් පොසිල ඉන්ධන සඳහා මිල වැඩිවීම් මත යැපෙන්නේ නැත.

සූර්ය පැනල සවි කිරීම

ණයක් ආධාරයෙන් එය කළ හැකිය. එතැන් සිට ඔබට කරදරකාරී ගාස්තු වැඩි කිරීමකින් තොරව තමාගේ විදුලිය ලෙස භාවිතා කළ හැක.

සූර්ය බලශක්ති පැනලවල වාසි

සූර්ය පැනල සවිකළ පසු ඒ සඳහා අමතර වියදම් නැත.

එය පරිසර හිතකාමීය

විමෝචන – සූර්ය පැනල හරිතාගාර වායූන් ඇති නොකරන අතර එම නිසා CO2 විමෝචන නොමැත. එම නිසා අනෙකුත් (පොසිල) බලශක්ති ප්‍රභවයන්ට වඩා පරිසර හිතකාමී වේ. සූර්ය පැනල නිපදවන්නේ පරිසර හිතකාමීවය.

ආරක්ෂාව – සූර්ය පැනල

පියැසි මත සූර්ය පැනල මඟින් විදුලි ඒකක මිලියන 320ක් ජාතික පද්ධතියට

ආධාරයෙන් බලශක්ති උත්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම ආරක්ෂිත වන අතර අනතුරු සිදු වීමට ඉඩක් නැත.

ස්ථාපනය – පිළිගත් ස්ථාපන සමාගමකට කෙටි කාලයක් තුළ ඔබේ වහළ මත සූර්ය පැනල සවි කළ හැකිය. බොහෝ විට වැඩකටයුතු එක් දිනක් තුළ සිදු කෙරේ.

නඩත්තු අවශ්‍ය නොවේ – සූර්ය පැනලවල චලනය වන කොටස් නොමැත. නිතිපතා පිරිසිදු කිරීමක් හැර පැනල නඩත්තු කිරීමක් අවශ්‍ය නොවේ.

විශ්වසනීයත්වය – සූර්ය පැනල විශ්වාසදායක වන අතර සාමාන්‍යයෙන් අවුරුදු 10 සිට 20 දක්වා දිගු සේවා කාලයක් ඇත.

ප්‍රතිචක්‍රීකරණය – පැනල් ප්‍රතිස්ථාපනය කිරීමට නියමිත වූ විට ඒවා 90% ක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අතර එම නිසා පැනල් සෑදීම සඳහා නැවත භාවිතා කළ හැකිය.

නිවසේ වටිනාකම ඉහළ යෑම – සූර්ය පැනල සවි කිරීමෙන් පසු නිවසේ වටිනාකම වැඩි වේ. අනාගතයේදී ඔබට ඔබේ නිවස විකිණීමට අවශ්‍ය වුවද, පැනල් තිබීම වාසිදායකයි. සූර්ය පැනල තිබීම යන්නෙන් අදහස් කරන්නේ ඔබේ නිවස සඳහා ඉහළ මිලක් හිමිවීමයි.

උච්චාවචනය වන මිල ගණන් නොමැත – බලශක්ති සැපයුම්කරුවන්ගේ මිල උච්චාවචනය වන විට එය ඔබේ විදුලි පිරිවැයට බලපාන්නේ නැත, මන්ද ඔබ ඔබේ ශක්තිය ඔබම උත්පාදනය කරන අතර එම නිසා බාහිර සැපයුම්කරුවකු මත යැපෙන්නේ නැත.

ප්‍රදාන – ඔබ තිරසාර ආකාරයකින් බලශක්ති උත්පාදනය කරන්නේ නම් සහනාධාර සහ හරිත බලශක්ති සහතිකයක් සඳහා ද ඔබ සුදුසුකම් ලබයි.

රාජිත දිසානායක

advertistmentadvertistment
advertistmentadvertistment