පියුමිගේ ඇඳුම් බෑග් එක පාර්ලිමේන්තුවේදී දිගහරී… සරත් වීරසේකරගෙන් නලින් බණ්ඩාරට අභියෝගයක්

618

මෙරට ප‍්‍රසිද්ධ කාන්තාවකට ඇඳුම් රැගෙන ගිය බවට ඔප්පු කරන්නේ නම් තමන් සිය මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා* පැවසීය.

 එලෙස තමන් ඇඳුම් ගෙන ගිය බවට ඔප්පු කිරීමට නොහැකි වුවහොත් විපක්‍ෂ මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා කාන්තා බඩු මල්ලත් හිසමත තබා ගෙන විනාඩි 05 ක කාලයක් පාර්ලිමේන්තු ප‍්‍රවේශයේ හිටගෙන සිටිය යුතු බවට අභියෝග කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

 තමන් තුන්ලක්‍ෂ විසිඅටදහසක් මනාප ලබා පසුගිය මහ මැතිවරණයේදී කොළඹින් පළමුවැනියා මෙන්ම දිවයිනෙන් ම දෙවැනියා වූ බවත් තමන් නිතරම මහත්මා දේශපාලනයක නිරත වන බවත් හෙතෙම කීය.

 එම චෝදනාව ඔප්පු කර ගැනීමට නොහැකි වුවහොත් මන්ත‍්‍රී බණ්ඩාර මහතා ඉල්ලා අස්විය යුතු නැතැයි ද, ඔවුන් වැනි අය පාර්ලිමේන්තුව තුළ සිටීමෙන් රජයේ සිටින මන්ත‍්‍රීවරුන්ගේ අගය තේරෙන්නේ යැයි ද සඳහන් කළේය.

 එවැනි දෙයක් පාර්ලිමේන්තුව තුළ කීමට සිදුවීම ගැන බුද්ධිමත් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද ඇමැතිවරයා කියා සිටියේය.

 ඊට පිළිතුරු දුන් නලින් බණ්ඩාර මහතා,

 පියුමි හංසමාලි කියන නෝනා තමයි කිව්වේ ඇමැතිතුමාට කතා කළා, එතුමා ද කව්ද දන්නේ නෑ ඇඳුම් අරගෙන ගියේ. එය ඇමැතිතුමාගේ හෘද සාක්‍ෂිය දන්නව ඇති. මම ලබන සභා වාරයේදී පියුමි හංසමාලිගේ හඬපටිය දෙන්නම්. පියුමි හංසමාලිට විනෝදෙන් ඉන්න පස්සර යැව්වා. හැබැයි ස්ටාලින්ලාව යැව්වේ මුලතිව්. මේවා ගැන කව්රු තීන්දු තීරණ ගන්නවාද දන්නේ නෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment