පිරමීඩ මගඩි 3කට අපරාධ නඩු පවරන්න – මහ බැංකුව නීතිපතිගෙන් ඉල්ලයි

128

මේ වන විට රට තුළ ක්‍රියාත්මකව පවතින පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම තුනකට එරෙහිව මහාධිකරණය හමුවේ අපරාධමය නඩු පැවරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මහ බැංකු පනතේ 83 ඈ වගන්තියට එරෙහිව පවත්වාගෙන යන එකී තහනම් යෝජනා ක්‍රම තුන මගින් රටේ විශාල පිරිසකට දැඩි හානියක් සිදු වී ඇති බව මහ බැංකුව විසින් සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව එමගින් නීතිපතිවරයාට පෙන්වා දී තිබේ.
ඒ. ජේ. ඒ. අබේනායක සහ ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment