පිරවුම්හලේ  ගුටි කෙළියක්: අඹුසැමි යුවළක් සහ බේරන්න ගිය කොස්තාපල් රෝහලේ

601

පින්වත්ත ඉන්ධන පිරවුම්හලේ පෙරේදා (31 දා) රාත‍්‍රී දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවී අඹුසැමි යුවළක් සහ කොස්තාපල්වරයකු රෝහල් ගතකර ඇතැයි පින්වත්ත පොලිසිය පවසයි.

වාද්දුව, පොතුපිටිය ප‍්‍රදේශයේ පදිංචි තරුණ අඹුසැමි යුවළක් සහ පිරවුම්හලේ ආරක්ෂාවට යොදා සිටි පින්වත්ත පොලිසියේ කොස්තාපල්වරයකු මෙසේ රෝහල් ගතකර ඇත.

එදින රාත‍්‍රී 10 ට පමණ ඩීසල් ලීටර් 6600 ක් රැගත් බවුසරයක් පැමිණීමෙන් පසු දිගු පෝලිමක රැඳී සිටියදී දෙපිරිස අතර ගුටිබැට හුවමාරුව සිදුවී ඇත.

ගුටිබැට හුවමාරුව පාලනය කිරීමට මැදිවූ එක් කොස්තාපල්වරයකුගේ ගෙල බැඳි රන්මාලයද කොටස් කිහිපයක කැඩීගොස් ඇති බවද වාර්තා වේ.

පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා ප‍්‍රබල දේශපාලනඥයකුගේ සමීපතමයකු බව සඳහන් කරමින් පොලිසිය තුළ නොසන්සුන්කාරී අන්දමින් හැසිරී ඇතැයිද පැවසේ.

සැකකරු පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ස්ථානාධිපති පො.ප. සුරංග රණවීර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. එම්. ඩී. හේරත් සහ සැරයන් ජයසිංහ පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment