පිරිත් නොදැම්මැයි උරණ වී හිමිනමකගේ කැති පහර කෑ පොඩි හාමුදුරුවෝ රෝහලේ

340

පිරිත් දැමීම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් දුරදිග යෑමෙන් වැඩිහිටි හිමි නමකගේ කැති පහරකට ලක්වූ තවත් හිමිනමක් දර්ගා නගරයේ රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි.

වැලිපැන්න ප‍්‍රදේශයේ විහාරස්ථානයක දෛනිකව ශබ්ද විකාශන යන්ත‍්‍ර මඟින් පිරිත් විකාශය කරන අතර පෙරේදා (24 දා) එය විකාශය නොකිරීම සම්බන්ධයෙන් වැඩවසන ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක් අතර ඇති වූ දුරදිග යෑමෙන් පහරදීම සිදුව ඇතැයි පැවසේ. තුවාල ලැබූ හිමිනම අලූත්ගම දර්ගා නගරයේ ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර උන්වහන්සේගේ තත්ත්වය බරපතළ නොවන බැව් රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය. තුවාල ලබා ඇත්තේ 21 හැවිරිදි හිමිනමක් වන අතර පහරදී ඇත්තේ 28 හැවිරිදි හිමිනමක් බැව් පොලිසිය කියයි. වැලිපැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment