පිරිපහදුවට යළිත් රතු එළියක්

204

ඉදිරි සති දෙක ඇතුළත පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ඇණවුම් කර මෙරටට ගෙන ඒමට අසමත් වුවහොත් දින 10 කින් 15 කින් යළිත් වතාවක් පිරිපහදුව වසා දැමීමට සිදුවන බව එම පිරිපහදුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිවයින”ට පැවසීය.

බොරතෙල් මිලදී ගෙන ඒමට ඩොලර් නොමැති නිසා ඉකුත් මාස තුන හතර තුළ කිහිපවතාවක් ම පිරිපහදුව වසා දැමූ අතර එලෙස දින 70 ක් වසා දමා තිබූ පිරිපහදුව ඉකුත් සති දෙකකට පෙර යළි ආරම්භ කෙරිණි.

නමුත් මේ වනවිට පිරිපහදුවට ගෙනැවිත් තිබෙන බොරතෙල් මෙටි්‍රක් ටොන් හැත්තෑ දහසක ප්‍රමාණය අර්ධ ලෙස පිරිපහදු කරමින් තිබේ. ඒ අනුව දිනකට මෙටි්‍රක් ටොන් 3500 ක් පිරිපහදුවට ලක් කෙරේ. මෙය සාමාන්‍ය මට්ටමින් ක්‍රියාත්මක කරන්නේ නම් දිනකට බොරතෙල් මෙටි්‍රක් ටොන් 5500 ක් පිරිපහදු කළ හැකිය. ඊළඟ බොරතෙල් ඇණවුමක් පිළිබඳ තාමත් කිසිදු ආරංචියක් ලැබී නැතැයිද හෙතෙම සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment