පිරිපහදුව ගැන  බොරු කිව්වැයි  වෘත්තීය සමිති ලේකම්ගේ වැඩ තහනම්

347

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය කරුණු ප්‍රකාශ කළ බව කියන චෝදනා යටතේ ඛනිජතෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇත. 02-පිටුවට

වැඩ තහනමට ලක්වූ ලේකම්වරයා විසින් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් දැනට පිරිපහදුවේ පිරිපහදු කටයුතු සිදුකරන ඌරල් වර්ගයේ බොර තෙල් පිරිපහදුවේ දී වැඩි ප්‍රතිශතයකන් කළු තෙල් නිපදවන බවට ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විෂය භාර ඇමැති කංචන විජේසේකර මහතාගේ උපදෙස් මත සිදුකරන ලද අභ්‍යන්තර විමර්ශනයකින් පසු වැඩ තහනම් කිරීම සිදු කර තිබේ.

ලේකම්වරයා මාධ්‍ය හමුවට එක්වී ඇත්තේ ක්‍රියාකරවුම් රාජකාරිවල නියැලී සිටියදී බව ද නික්ම යෑමට පෙර බලධාරීන්ගෙන් පූර්ව අනුමැතියක් ලබාගෙන නොමැති බව ද විමර්ශනවලදී තහවුරු වී ඇතැයි උසස් නිලධාරියෙක් පැවසීය.

වැඩ තහනමට ලක්වූ ලේකම්වරයා සතුව ආයතන දේපළ හා ආයතන හැඳුනුම්පත ක්‍රියාකරවුම් කළමනාකාරවරයා වෙත භාරදී ආයතන භූමියෙන් පිටව යන ලෙස ද මානව සම්පත් කළමනාකරුගේ අත්සනින් යුතු ලිපියේ සඳහන් කර ඇත.

‘වෘත්තීය සමිති නායකයින්ගේ වැඩ තහනම් කිරීම නවත්වනු’! හා බාල බොරතෙල් ගෙන්වීම වහා නවත්වනු’ ! යන පාඨයන් මුල් කර ගනිමින් කොළොන්නාව පිරිපහදුවේ සියලු වෘත්තීය සමිති සාමාජිකයින් පිරිපහදුව ඉදිරිපිට ඊයේ (05 දා) දහවල් විරෝධතාවක නිරත වූ අයුරු

චමින්ද සිල්වා


ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment