පිරිමිකම ඇතිකරන ග්‍රන්ථියෙහි හටගන්නා පිළිකා

1183

පුරස්ථි ග්‍රන්ථිය යනු පිරිමි පුද්ගලයකුගේ පුරුෂ ශක්තියට බලපාන අතිශය වැදගත් ඉන්‍ද්‍රියයකි පුරස්ථි ග්‍රන්ථිය යනු ශිෂ්ණය, වෘෂණ කෝෂ සහ ගුද මාර්ගය අතර ඇති ඉන්ද්‍රියයකි. මෙම ග්‍රන්ථියෙන් සිදුවන ප්‍රධාන කාර්යය වන්නේ ලිංගික සංසර්ගයකදී ශිෂ්ණයෙන් ශුක්‍රාණු පිටවීම පාලනය කිරීම සහ එහි වේගය නිසි ලෙස පවත්වාගෙන යෑමට උපකාරී වීමය. එනිසා මෙය පිරිමිකම ඇතිකරන ග්‍රන්ථිය ලෙස ද හැඳින්විය හැකිය.

මෙම ක්‍රියාවලියට බාධා ඇතිකරන අවස්ථාවන් අතර පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇතිවීම හඳුනාගෙන ඇත.

මෙලෙස පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇති වූ විට එහි ඇතිවන ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් සහ එම ග්‍රන්ථියේ සෛලවල ඇතිවන විකෘතිතා නිසා ක්‍රියාකාරීත්වය අඩපණ වීම නිසා ලිංගික සංසර්ගයකදී නිසි ලෙස ශුක්‍රාණු පිටකිරීමට නොහැකි වේ.

පිළිකා ඇතිවීම

මෙලෙස පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇති වූ විට මතුවන ප්‍රධාන අපහසුතාවය වන්නේ නිතර නිතර මුත්‍රා පිටකිරීමට අවශ්‍යතාවක් ඇතිවීම හෝ නිසි ලෙස මුත්‍රා පිටකිරීමට නොහැකි වීමයි. මෙහිදී ඇතැම් රෝගීන්ට නිතර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව ඇතිවේ. තවත් පිරිසකට මුත්‍රා පිටකිරීමට අවශ්‍යතාවය ඇති වුවත් එය නිසි ලෙස පිටනොවීම සිදුවේ.

මීට අමතරව බඩ පුරවා දැමීම. යටිබඩ ප්‍රදේශයෙන් කැක්කුමක් ඇතිවීම, කොනදේ කැක්කුම, වෘෂණ කෝෂ යටින් ඉඳිකටුවකින් අනිනු හා සමාන ඉතා සියුම් වේදනාවක් ඇතිවීම (ශූලවත් වේදනාව) නිතර පිපාසය, ඇඟට තෙහෙට්ටුව ඇතිවීම, සවස් කාලයට උණ ඇතිවීම, සිරුරේ බර අඩුවීම වැනි රෝග ලක්‍ෂණ ද හටගනී.

ගොදුරුවන අය

සාමාන්‍යයෙන් මෙම පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවට බහුලව ගොදුරුවන්නේ අධික ලෙස ලිංගික ක්‍රියාවන්හි නිරත වන පුද්ගලයන් හා ලිංගික උත්තේජන හෝමෝන පෙති නිතරම භාවිතා කරන අය ය. ඊට අමතරව වෙනත් පිළිකා නිසා සිරුරේ රුධිරය විෂ වීම නිසා හටගත් රෝගවල අතුරු ප්‍රතිඵලයක් ලෙස ද වෘෂණ කෝෂ පිළිකා හටගනී.

සාමාන්‍යයෙන් මෙම පිළිකාවට ගොදුරු වන්නේ වයස අවුරුදු 50 ඉක්මවූ පිරිමි පුද්ගලයන් ය.

ප්‍රතිකාර

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් ඇති වූ විට දේශීය සහ පාරම්පරික වෛi ප්‍රතිකාරවලදී එම ග්‍රන්ථිය ඉවත් කිරීමක් සිදුකරන්නේ නැත. රෝග තත්ත්වය අනුව ප්‍රතිකාර කර පිළිකාව විනාශ කර දමා රෝගියාට යළි සාමාන්‍ය අයුරින් ජීවිතය ගතකිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙනු ලබනවා.

මෙහිදී මාස 04 ක පමණ කාලසීමාවකදී ප්‍රතිකාර මගින් පිළිකාව සුව කළ හැකියි.

ඒ සඳහා දින 16 බෙහෙත් වාර 06 ත් 08 ත් අතර ප්‍රමාණයක් ලබා දේ. මෙම ඖෂධ ප්‍රතිකාර ගත් විට සිරුරේ අපිරිසිදු වී ඇති රුධිරය පිරිසිදු කිරීම, ආහාර මාර්ගයේ දුර්වලතා නැති කර සිරුරට නිසි පෝෂණය ලබා ගැනීමට අවශ්‍ය හැකියාව වර්ධනය කිරීම ඇතුළුව මුළු සිරුරටම අවශ්‍ය ප්‍රතිකාර ලබා දී පිළිකාව සම්පූර්ණයෙන්ම සිරුරින් ඉවත් කර දමනවා. මේ සඳහා රස ඖෂධ, චූර්ණ වර්ග, ගුලි වර්ග, අරිෂ්ට වර්ග ආදිය භාවිතා කරනවා.

මෙහිදී අපගේ වෙද පරපුර වන මහාකන්දා වැදි පරපුරේ ඖෂධ භාවිතා කරනවා. පුලස්ති සෘෂිවරයාගෙන් සහ රාවණා රජතුමාගෙන්

මහාකන්දා වැදි පරපුරේ පාරම්පරික ප්‍රතිකාර ක්‍රමය පැවත එනවා. එහි අප සතුව ඇති විශේෂ බෙහෙත් වට්ටෝරු ද මෙම පිළිකා සුව කිරීම සඳහා භාවිතා කරනවා.

මෙම පිළිකා සුව කිරීම සඳහා යොදා ගන්නා තවත් ඉතා වටිනා ඖෂධයක් වන්නේ කන්සා ය. මෙම කන්සා සහිත ඖෂධය අදාළ පිළිකාව වෙතට ගොස් එම පිළිකා සෛල විනාශ කර දමනවා. ඒ සඳහා කන්සාවල ඇති ඖෂධීය ගුණය මහත් සේ බලපානවා.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0778985757 ඇමතිය හැකිය.

පිරිමිකම ඇතිකරන ග්‍රන්ථියෙහි හටගන්නා පිළිකා

ආයුර්වේද, පාරම්පරික, දේශීය, සර්වාංග රස වෛද්‍ය විශේෂ ආචාර්ය වෛද්‍ය වජිරජීව සරත් කුමාර
ජීවබල වෙදමැඳුර,  අංක 46/2/4, නැඟෙනහිර මාවත,
කඩවත සහ දඬුබැඳිරුප්ප, දේවහූව, ගලේවෙල

advertistmentadvertistment
advertistmentadvertistment