පිරිමියෙක් ඇත්තටම පේ‍්‍රමවන්තයෙක් වෙන්නේ තාත්තෙක් වුණාට පස්සේ

344

ඔයා ලේබරූම් එකේ වේදනාවෙන්
 මිරිකෙනකොටයි ඒ කාලේ කොලූ කමට
 කෙල්ලන්ට කරපු විහිළුවල
 වැරැද්දක් දැක්කේ,

 නිදහස හොයපු සරුංගල් හිත
 ටිකෙන් ටික එක්තැන් වෙන්න
 පටන් ගත්තේ,



 රැ දෙගොඩ යාමේ ඔයත් එක්කං
 මාරුවෙන් මාරුවට ඇහැරගෙන
 දූව නළවද්දියි කැපවීමක අගය
 දැනුනේ,

 දෙන්නා තුන්දෙනා වෙලා
 චීස්, සෙරිලැක්
 විටමින් අමතරව බඩු මල්ලෙ පිරෙද්දිනුයි
 තව තව මහන්සිවෙන්න ඕනෙ
 කියලා හිතුනෙ,

 උණක්, හෙම්බිරිස්සාවක් නොහැදෙන්න
 පපුවට මැදිකරං රකිනකොටයි
 මාත් දැන් ආරක්ෂකයෙක් කියලා
 දැනුනෙ

 එයා ටික ටික ලොකුවෙලා අම්ම වගේ
 වෙද්දිනුයි මගේ තුන් හිත මහ බයෙන්
 ගැහුනෙ,

 ‘‘දූගෙ කලවයසත් හරි” ඔයා කියද්දින්
 මගෙ කණට කරලා, එයා තාම මගෙ
 වගකීම හින්දයි තරහ ගිහින් මං
 එදා රැව්වෙ,

 ‘‘මතක ද ඔය වයසෙදි මට දුවත් හිටියා”
 කිව්වත් ඔයා, මං නෑහුන ගානට බිම්
 බලා ගත්තෙ,

 පොඞ්ඩිව මං වගේ බලාගන්නයි,
 මං බෑනෙක් නොහොයා පුතෙක්ම
 හෙව්වේ,

 ඒත් මගුල් දවසෙ වාවන්න බැරිම තැන
 මං කදුළු පිහදන් හැංගිලා හිටියෙ
 කුස්සිය පැත්තෙ.

 එදයි මං දුවක් ඉපදෙන්නෙ අත් හැරීම
 කියලා දෙන්න කියලා හරියටම
 තේරුම් ගත්තෙ,

 ඔයා ඇවිදින් උරහිසට අත තියලා කියපු
 දෙයිනුයි මගේ හිත ගොඩක්ම කීරි ගැහුනෙ,
 එදා ඔයා මං කැන්දන් එනකොටත්
 අපේ අප්පච්චී පේන්න හිටියෙ නෑ
 ඇස් දෙක හරියෙ
 එහෙම තමයි ගුණේ,

 කෙල්ලක් ගේන්න තරම් හදිස්සි නෑ
 කෙල්ලක් දෙද්දි පිරිමි පපු අස්සෙ,
 පිරිමියෙක් ඇත්තටම
 පේ‍්‍රමවන්තයෙක් වෙන්නෙ
 දුවෙකුට තාත්තෙක්
 වුණයින් පස්සෙ

 අමාදි සංජනා
 දසනායක

advertistmentadvertistment
advertistmentadvertistment