පිරිමි දරුවන්ගේ අසාමාන්‍ය  පියයුරු වර්ධනය

1075

පුංචි කාලේ පිරිමි දරුවෝ බෝලගෙඩි වගේ මහත්වී සිටිනු දුටුවිට දෙමාපියන්ට ඇතිවන්නේ මහත් සතුටකි. එසේ බෝලගෙඩි වගේ මහතට සිටින්නේ ඔවුනට ලැබුණු අධිපෝෂණය නිසාය. එහිදී එම දරුවන්ගේ අතපය පමණක් නොව පපු පෙදෙසේ පියයුරුද වර්ධනය වී තිබිය හැකිය. නමුත් මෙම පියයුරු වර්ධනය සිදුව ඇත්තේ මහත නිසාද එසේත් නැතිනම් අසාමාන්‍ය ලෙසද කියා දෙමාපියන් අවධානයෙන් යුතුව විමසා බැලිය යුතුය. මන්දයත් පිරිමි දරුවන්ගේ අසාමාන්‍ය ලෙස පියයුරු වර්ධනයවීමේ රෝග තත්ත්වයක්ද ඇති බැවිනි.

පිරිමි දරුවන්ගේ අසාමාන්‍ය  පියයුරු වර්ධනය

වෛද්‍යතුමනි, පිරිමි දරුවන්ගේ අසාමාන්‍ය ලෙස පියයුරු වර්ධනය වීමට බලපාන හේතු මොනවාද?

 පිරිමි දරුවන් ළමා වියෙන් යොවුන් වියට පත්වී ද්විතික ලක්‍ෂණ මතුවීමට බලපාන්නේ ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝනයයි. ඔවුන් යොවුන් වියට පත්වීමේදී මෙම හෝමෝනය වෘෂණ කෝෂවලින් සකී‍්‍රය වී ශ‍්‍රාවයවීම සිදුවේ.

පිරිමි දරුවන්ගේ අසාමාන්‍ය  පියයුරු වර්ධනය

මෙහිදී මෙම හෝමෝනය ශ‍්‍රාවය වීම අඩුවී යොවුන් වියට පත්වීම ප‍්‍රමාද වූ විට පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනය විය හැකිය. ඒ සඳහා බලපාන හේතු රැසක් ඇත. එක් හේතුවක් ලෙස වෘෂණ මට්ටමේ කි‍්‍රයාකාරීත්වය අඩුවීම  (Hypogonadද්‍යsm) දැක්විය හැකිය. එය ප‍්‍රාථමික ලිංගික අකී‍්‍රයතාවය ලෙසද සඳහන් කරයි.

 අපගේ සිරුරේ හෝමෝන නියාමනය කරන්නේ මොළයේ ඇති පිටියුටරි ග‍්‍රන්ථිය සහ හයිපො තාලමස ග‍්‍රන්ථිය මගිනි. මෙම ග‍්‍රන්ථි වල ඇතිවන යම් රෝගී තත්ත්වයක් නිසාද ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝනය ශ‍්‍රාවය වීම අඩුවිය හැකිය.

 ඊට අමතරව කලාතුරකින් වෙනත් හෝමෝන අසාමාන්‍යවීම නිසා වකුගඩු රෝග සහ අක්මා රෝග තත්ත්වයන් නිසාද ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝනය ශ‍්‍රාවය වීම දුර්වල විය හැකිය.

 මෙවැනි තත්ත්වයන් නිසා පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනය වීම (Gyne Comastia) සිදුවේ.

 මෙම හෝමෝන දුර්වලතාවයනට අමතරව පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනය වීමට බලපාන වර්තමානයේ දකින්නට ලැබෙන සුලභම හේතුව බවට පත්ව ඇත්තේ අධික ස්ථූල තාවයයි.

 මෙලෙස පිරිමි දරුවන්ගේ ඇතිවන අධික ස්ථූලතාවය නිසා ඔවුනගේ ශරීරයේ අධිකව පවතින තෙල් පටකවලදී ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝනය ඇරෝමාටෙස් නමැති හෝමෝනය නිසා ඊස්ට‍්‍රජන් හෝමෝනය බවට පත්වේ. ඊස්ට‍්‍රජන් හෝමෝනය යනු කාන්තා හෝමෝනයකි. මෙම හෝමෝනය ඔවුන්ගේ සිරුරේ වර්ධනය වීම නිසාද පියයුරු වර්ධනය ඇතිවේ. එවිට ඔවුනගේ පෙනුමේ වෙනසක්ද දැකිය හැකිය.

 වෛද්‍යතුමනි මෙම තත්ත්වයට ඇති ප‍්‍රතිකාර මොනවාද?

 හෝමෝන අසමතුලිතතාවය නිසා ඇතිවන මෙම තත්ත්වයේදී හෝමෝන යළි සමතුලිත කිරීම සඳහා සිදුකරන ප‍්‍රතිකාර මගින් යළි සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැකියි.

 ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝනය අඩුවීමෙන් මෙම තත්ත්වය මතුව ඇත්නම් ඔවුනගේ වෘෂණ කෝෂ කුඩාවීම සහ ශිෂ්ණය කුඩාවී පැවතීම දැකිය හැකිය.

 ස්ථූලභාවය නිසා මෙම තත්ත්වය මතුව ඇත්නම් මුල් අවස්ථාවේදීම ස්ථූලභාවය පාලනය කර පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනය වීම පාලනය කළ හැකිය.

 නමුත් ඔවුන් වැඩිවියට පත්වූ පසුත් නිසිලෙස ස්ථූලතාවය පාලනය කර නැත්නම් පියයුරු එල්ලා වැටීමක් දැකිය හැකිය. එවැනි අවස්ථාවකදී ප්ලාස්ටික් සැත්කම් ආදියට යොමුවී එම තත්ත්වය යළි යථා තත්ත්්වයට පත්කරගැනීමට සිදුවේ.

 වෛද්‍යතුමනි මෙවැනි තත්ත්වයන් නිසා ඔවුන් මදසරු භාවයට පත්විය හැකිද?

 වෘෂණ කෝෂවල නිපදවන ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝනය අසාමාන්‍යතාවයන් නිසා හටගත් රෝගී තත්ත්වයක් නම් මදසරු භාවයට පත්විය හැකියි. අනෙකුත් හෝමෝන ගැටලූ නිසා ඇතිවන තත්ත්වයකදී ඒ සඳහා ප‍්‍රතිකාර ලබාදීමෙන් එම ගැටලූව සුවකළ හැකියි.

 අධික ස්ථූලතාවය දිගින් දිගටම පැවතීම නිසාද මදසරු භාවය ඇතිවිය හැකියි. ඊට අමතරව ඔවුනගේ අක්මාවේ අධිකව මේදය තැන්පත්වීමේ රෝග සහ දියවැඩියාව ආදී වෙනත් රෝග තත්ත්වයන්ද ඇතිවිය හැකියි.

පිරිමි දරුවන්ගේ අසාමාන්‍ය  පියයුරු වර්ධනය
advertistmentadvertistment
advertistmentadvertistment