පිරිමි පාපන්දු රන් පදක්කම බ‍්‍රසීලයට – පළමු වරට කැනඩා කාන්තා පිලට පාපන්දු රන් පදක්කමක්

420

ජපානයේ ටෝකියෝ නුවර දී ක‍්‍රියාත්මක කෙරුණු 32 වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ පිරිමි පාපන්දු රන් පදක්කම තහවුරු කර ගැනීමට බ‍්‍රසීලය සමත් වන අතර වාරයේ ස්පාඤ්ඤයට එහි රිදී පදක්කම හිමි විය. පිට පිට දෙවැනි වතාවටත් රන් පදක්කමට හිමිකම් කියූ බ‍්‍රසිලය හමුවේ ගෝල් 02- 01 ක පරාජයක් අත් විඳීමට ස්පාඤ්ඤයට සිදුවිය.

ඉතිහාසයේ පළමුවරට එකී කාන්තා පාපන්දු රන් පදක්කම කැනඩාව දිනා ගත්හ. ස්වීඩනය ට රිදී පදක්කම හිමි විය.

මෙවර ක‍්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් ශූරතාවය තරඟ වට 03 – 00 ක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය දිනාගත් අතර එකී අනුශූරතාව බ‍්‍රසිලය සතුවිය. සර්බියාවට ලෝකඩ පදක්කම හිමි විය.

පිරිමි වෝටර් පෝලෝ ශූරතාවය සර්බියාව දිනා ගත් අතර රිදී පදක්කම ග‍්‍රීසියට ද ලෝකඩ ලෝකඩ පදක්කම හංගේරියාවට ද හිමි විය. අවසන් මහා තරගයේදී සර්බියාව හමුවේ ග‍්‍රීසියට ලකුණු 13 -10 ක පරාජයක් අත්විදීමට සිදු විය.

පිරිමි බේස්බෝල් ශූරතාව සත්කාරක ජපානය දිනා ගත්තේය. එකී රිදී පදක්කම ඇමරිකා එක්සත් ජනපදයට හිමිවූ අතර ඩොමිනික් රාජ්‍යයට ලෝකඩ පදක්කමෙන් සැහීමට පත් වන්නට සිදු විය.

මෙවර ක‍්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගැනීම සඳහා අනගි දායකත්වයක් ලබා දෙමින් පිරිමි සහ කාන්තා පැසිපන්දු රන් පදක්කම් තමන් සතු කර ගන්නට ඇමරිකාව නියෝජනය කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වීම කැපී පෙනුණි. මෙහි පිරිමි රිදී පදක්කම සහ කාන්තා ලෝකඩ පදක්කම ප‍්‍රංශය දිනා ගන්නා අතරවාරයේ පිරිමි ලෝකඩ පදක්කම ඕස්ටේ‍්‍රලියාවට ද කාන්තා රිදී පදක්කම සත්කාරක ජපානයට ද හිමි විය.

හෑන්ඞ් බෝල් තරගාවලියේ පිරිමි සහ කාන්තා රන් පදක්කම් දිනා ගනිමින් කැපී පෙනෙන්නට ප‍්‍රංශය නියෝජනය කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.

එකී කාන්තා රිදී පදක්කම සෝවියට් රුසියාව දිනාගත් අතර නොර්වේ රාජ්‍යයට ලෝකඩ පදක්කම හිමි විය. ඩොමිනික් රාජ්‍යයට පිරිමි රිදී පදක්කම හිමි වන අතර වාරයේ ලෝකඩ පදක්කම ස්පාඤ්ඤය සතුවිය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment