පිරිමි විවෘත ඉසව්ව දිල්ශාන් විජිත් කුමාර ජය ගනී – ‘2021 නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි තරගාවලිය’

112

නෙස්ලේ ලංකා අනුග‍්‍රහයෙන් කි‍්‍රයාත්මක ‘2021 නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි තරගාවලිය’ ඊයේ (07 වැනිදා) ආරම්භ කෙරිණි. එ් අනුව තරුණ කටයුතු සහ කී‍්‍රඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ, ශී‍්‍ර ලංකා පාපාදි සම්මේලනයේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරුණු මෙම තරගාවලියේ පිරිමි විවෘත ඉසව්වේ පළමු ස්ථානයට පත් වන්නට ශී‍්‍ර ලංකා යුද හමුදාවේ දිල්ශාන් විජිත් කුමාර කී‍්‍රඩකයා සමත්විය.

 කොළඹ විහාරමහදේවී උද්‍යාන පරිශ‍්‍රයේදී ආරම්භ වූ තරගාවලියේදී පිරිමි විවෘත ඉසව්ව කිලෝ මීටර් 30කින් සමන්විත විය. එහි පළමු ස්ථානය යුද හමුදාව සතු වෙද්දී එහි දෙවැනි ස්ථානය දකුණු පාපැදි සමාජය නියෝජනය කරමින් තරග වැදුණු රොෂේන් මදුශංක විසින් දිනා ගැනීමට සමත්විය. තෙවැනි ස්ථානය යුද හමුදාව නියෝජනය කළ එච්. කේ. එන්. එල්. වංශපි‍්‍රය විසින් දිනා ගැනීමට සමත්විය.

 ‘2021 නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි තරගාවලිය’ ඉසව් 7කින් සමන්විත වූ අතර විවෘත අංශයට අමතරව පිරිමි බාලක, කාන්තා විශිෂ්ට කාණ්ඩය, පිරිමි අවුරුදු 23න් පහළ, පිරිමි විශිෂ්ට කාණ්ඩය, පිරිමි අවුරුදු 40න් ඉහළ සහ පිරිමි අවුරුදු 50න් ඉහළ යන ඉසව් වලින් සමන්විත විය.

 කසුන් රණවීර
 ඡායාරූප – නිශාන් එස්. පි‍්‍රයන්ත

advertistmentadvertistment
advertistmentadvertistment