පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන්ට හා සිල්මාතාවන් හා ගිහි සිසුන්ට ජනපති අතින් ශිෂ්‍යත්ව හා අධ්‍යාපනික උපකරණ

92

දුෂ්කර ප‍්‍රදේශයන්හි පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේ, සිල් මාතාවන් සහ ගිහි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව, පරිගණක යන්ත‍්‍ර, අධ්‍යාපනික උපකරණ සහ පාවහන් තිලිණ පත් ප‍්‍රදානය ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (30දා* ආරම්භ විය.
 
මේ යටතේ මොණරාගල, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, කෑගල්ල, රත්නපුරය, වවුනියාව, මුලතිව්, මඩකළපුව, අම්පාර, ත‍්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්කයන්හි දුෂ්කර ප‍්‍රදේශවල පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලූම ගිහි – පැවිදි සිසුන්ට අවශ්‍ය අධ්‍යාපනික උපකරණ ප‍්‍රදානය කෙරේ. ඒ සඳහා දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 30කි.

piriwen1
 
මෙහි සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ පෙරවරුවේ අරලියගහ මැඳුරේ දී ජනාධිපතවරයා අතින් සංඛේතාත්මකව ශිෂ්‍යත්ව සහ අධ්‍යාපනික උපකරණ පිරිනැමිණි.
 
මූලික පිරිවෙන් අවසාන පරීක්ෂණයෙන් සහ ප‍්‍රාචීන ප‍්‍රාරාම්භ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ විසිනමකට විදේශ ශිෂ්‍යත්ව ප‍්‍රදානය ද මෙහිදී සිදු විය. වැඩසටහන යටතේ පිරිවෙන් සඳහා රුපියල් මිලියන 12ක සෞන්දර්යය උපකරණ කට්ටල බෙදා දීම ද සිදු කෙරේ.
 
දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

piriwen2
 
මෙම අවස්ථාවට පිරිවෙන් අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද,  බලංගොඩ සෝභිත, නාරම්පනාවේ ආනන්ද, ආචාර්ය බෝදාගම චන්දිම යන හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, සුසිල් පේ‍්‍රම්ජයන්ත, පියල් නිශාන්ත, විදුර වික‍්‍රමනායක සහ සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහු, රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරු සහ නිලධාරිහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
 

advertistmentadvertistment
advertistmentadvertistment