පිරිසක් අකුරට වැඩ කළත් දිගටම විදුලිය දෙනවා මේ අරඅඳින්නේ හදිසි මිලදී ගැනීමකට ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නන්දික පතිරගේ

169

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් අකුරට වැඩ කරමින් මේ අරඅදින්නේ නිය`ගයට මුවාවී වැඩි මිලට පෞද්ගලික බලාගාරවලින් හදිසි විදුලිය මිලදී ගැනීමට යැයි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපතිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නන්දික පතිරගේ මහතා ‘‘දිවයින’’ට පැවසීය.

පිරිසක් අකුරට වැඩ කළත් විදුලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් සියලූ කටයුතු යොදා ඇතැයිද ඒ මහතා කීය.

වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට යොමුව සිටින පිරිස උත්සාහ ගන්නේ දැනට ඉදිකිරීමට යෝජිත විදුලිබලාගාර තව වසර කිහිපයක් පසුපසට කර හදිසි මිලදී ගැනීම්වලට ගොස් මුදල් ගසා කෑමේ අරමුණින් යැයිද නන්දික පතිරගේ මහතා චෝදනා කළේය.

පෙබරවාරි, මාර්තු වනවිට ඇතිවිය හැකි නියග කාලයේදී රට තුළ ඇති විදුලි ඉල්ලූම සපුරාලීමේ අභියෝගයක් මතුවන බව දැන දැනම මෙවැනි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට යොමුවීමෙන් දැනට ක‍්‍රියාත්මක ටෙන්ඩර් ක‍්‍රියාවලි, බලාගාර ඉදිකිරීම් ආදියට දැඩි බාධාවක් එල්ල වන බැවින් ඒ මගින් පෞද්ගලික ඞීසල් බලාගාර හිමියන් සමග එක්වී සූදු කෙළීමට මේ අය සැලසුම් කරන බවද ඒ මහතා කීය.

එල්. එන්. ජී. බලාගාරයකට එරෙහි විදුලි ඉංජිනේරු සංගමය අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යොමු වී සිටින බවත් ඒ අය පවසන ආකාරයට නඩුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ස්වෙච්ඡුාවෙන්ම එම කටයුතුවලට සහාය දක්වන බව ඔවුන් පවසන බවද නන්දික පතිරගේ මහතා සඳහන් කළේය. එසේ නොමිලේ පෙනී සිටින නීතිඥවරුන්ට මුදල් ලබා දෙන්නේ කුමන ජාවාරම්කරුන් දැයි ප‍්‍රශ්නයක් යැයි ඒ මහතා විමසා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment