පිලිප් ගුණවර්ධනයන්ගේ  දේශපාලන ජීවිතය වර්තමාන දේශපාලනඥයන්ට  අගනා ආදර්ශයක්

202

දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනුනාහිමි

50 වැනි ගුණ සමරුව

රට, ජාතිය, ආගම වෙනුවෙන් අභීත නායකත්වයකින් හා විප්ලවවාදී වාමාංශික අවංක දේශපාලනය පෙරදැරි කරගෙන ස්වෛරීත්වයෙන් කටයුතු කළ දිවංගත පිලිප් ගුණවර්ධන මහතාගේ දේශපාලන ජීවිතය වර්තමාන දේශපාලනඥයන්ට අගනා ආදර්ශයක් බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පැවසූහ.

පිලිප් ගුණවර්ධනයන්ගේ  දේශපාලන ජීවිතය වර්තමාන දේශපාලනඥයන්ට  අගනා ආදර්ශයක්

නාහිමියන් වහන්සේ එසේ පැවසුවේ දිවංගත පිලිප් ගුණවර්ධන මහතාගේ 50 වෙනි ගුණ සමරු උත්සවය කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති උත්සවයකදීය.

ගුණ සමරු උත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුළු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පවුලේ සියලූම සාමාජික, සාමාජිකාවන් හා මැති ඇමැතිවරු විශාල පිරිසක් සහභාගි වූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ විමලධම්ම නාහිමියෝ, පිලිප් ගුණවර්ධන කුඩා කල සිටම තම දේපල ගැනවත් පවුල ගැනවත් ඒ තරම් උනන්දුවක් නොදැක්වූ අවංක දේශපාලනඥයෙක්. හැම වෙලාවකම රට ගැනත්, අහිංසක ගොවියා ගැනත්, තම පාක්ෂිකයා ගැනත් හිතපු කෙනෙක්. ඒ වගේ අවංක දේශපාලන ජීවිත වර්තමානයට ගොඩක් වටිනවා. අද දේශපාලනය කරන අයට ඉතාමත් ආදර්ශයක්. අවංක දේශපාලනය තුළින් රටක් දියුණු වෙනව මිස ආපස්සට යන්නේ නැහැ. අවංකත්වයෙන් තොර දේශපාලනයෙන් කවරදාකවත් රටක් දියුණු වෙන්නේ නැහැ. එවැනි උතුම් මිනිසුන්ගේ අගය වර්තමානයට ඉමහත් සේ වටිනා බවද උන්වහන්සේ පැවසූහ.

එහිදී විශේෂ දේශනයක් කළ මහාචාර්ය ගාමිණී සමරනායක මහතා, දිවංගත පිලිප් ගුණවර්ධන මහතා වාමාංශික විප්ලවවාදී දේශපාලනය තුළින් ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමයද ප‍්‍රතික්ෂේප කරමින් සිංහල බෞද්ධයා ආරක්ෂා කිරීමටත්, ගොවියා ආරක්ෂා කිරීමටත් දැඩි සේ කැපවූ අවංක වාමාංශික දේශපාලනඥයෙක් බව ද සඳහන් කළේය.

එහිදී පිළිගැනීමේ කථාව සිදු කළ යදාමිණි ගුණවර්ධන මහතාද ඉංජිනේරු ඇන්ටන් නානායක්කාර මහතාද, ජයන්ත රෝහණ මහතා ද කථා කළහ. ඇමැති දිනේෂ් ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන ඇතුළු පිළිප් ගුණවර්ධන මහතාගේ පවුලේ සාමාජිකයන්ද තවත් විශාල පිරිසක්ද මීට එක්ව සිටියහ.

සටහන හා ඡායාරූපය – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment