පිලිපීනයේ ගිනි කඳු පිපිරීමෙන් ගුවන් ගමන් 60ක් අවලංගුයි

65

පිලිපීනයේ ‘කනියවොන්’ ගිනි කන්ද පුපුරා යෑම හේතුවෙන් එම ගිනි කන්ද අවට වාසය කළ සිය දහස් ගණනක් වූ ජනතාව ඉවත් කිරීමටත් ගුවන් ගමන් 60කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමටත් පිලිපීන බලධාරීන් විසින් ඊයේ (04දා) පියවර ගෙන තිබේ. අදාළ ගිනි කන්ද පුපුරා යෑමත් සමගම සැතපුම් තුනක් (කිලෝ මීටර් පහක්) උසට අළු ධාරාවක් අහසට නිකුත් වී ඇති බව වාර්තා වී තිබේ.

‘කනියවොන්’ ගිනි කන්ද පෙරේදා (03දා) විනාඩි හයක කාලයක් පුපුරා ගොස් ඇති අතර එදින පැය 24ක කාලයක් තුළ අදාළ ගිනි කන්ද ආශ්‍රිතව භූමි කම්පාවන් 43ක් හටගෙන ඇති බව වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment