පිලිපීනයේ දරුණු සුළි කුණාටුවකින් ගම්මාන රැසකට හානි

145

දකුණුදිග හා මධ්‍යම පිලිපීනයට කඩා වැදුණු ‘රායි’ නමැති දරුණු සුළි කුණාටුව හේතුවෙන් ගම්මාන රැසක පිහිටි නිවාස විනාශ වී ගොස් ඇති අතර නගර මෙන්ම ගම්මානද ජලගැලීම්වලින් යට වී තිබේ.

මෙම වසරේ පිලිපීනය හරහා හමා ගිය දරුණුම සුළි කුණාටුව වන මෙම කුණාටුව හේතුවෙන් විශාල පිරිසක් මිය යන්නට හා අතුරුදන් වන්නට ඇති බව බලධාරීන් විසින් පවසා ඇති අතර ඊයේ (17දා) උදෑසන වන විට මධ්‍යම පිලිපීනයේ නෙග්‍රෝස් පළාතේ කුණාටුව හේතුවෙන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් සිවු දෙනකු මියගොස් තිබූ බව වාර්තා වී තිබිණි. රායි සුළි කුණාටුව හමා යෑමෙන් පිලිපීනයේ නගර හා ගම්මාන රැසක ගස් පෙරළි ගොස් ඇති අතර විදුලි කණු කඩා වැටීමෙන් ප‍්‍රදේශ රැසකට විදුලිය අහිමි වී සන්නිවේදන කටයුතු බිඳ වැටී ඇත. නගර හා ගම්මාන රැසක් ඊයේ වන විට කුණාටුවත් සමගම හට ගත් ජලගැලීම්වලින් යට වී තිබූ බව වාර්තා වී තිබේ. ඊයේ වන විට කුණාටුවත් සමග හටගත් ආපදාවලින් පුද්ගලයන් එක් ලක්ෂ හතලිස්දහසකට අධික පිරිසක් අවතැන්ව සිටි බව පිලිපීන බලධාරීහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment