පිලිපීන ජනාධිපතිගේ වැඩිමල් දියණිය උප ජනාධිපති ධුරයට තරග කිරීමට යයි

387

වත්මන් පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටර්ටේගේ වැඩිමල් දියණිය වන සාරා ඩුටර්ටේ ලබන වසරේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී උප ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තීරණය කර තිබේ. පිලිපීනයේ ඩවාවෝ නගරයේ නගරාධිපතිනිය වන සාරා මෙම වසර පුරාම පැවති මත විමසුම් ජන්දවලදී රටේ මීළඟ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වීමට ඉහළම සුදුසුකම් ඇති තැනැත්තිය ලෙස පෙරමුණේ සිටියාය.

 ඇය දැනට පිලිපීනයේ හිටපු ජනාධිපතිනියක වන ග්ලෝරියා ඇරොයෝ විසින් පිහිටුවා ඇති ‘‘ලකාස් – සී එම් ඞී” නමැති පක්ෂයට බැඳී සිටින අතර ලබන වසරේ පැවත්වීමට නියමිත මීළග ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුරය සඳහා තරග වදින පිලිපීනයේ හිටපු ඒකාධිපති නායකයෙකු වන ෆර්ඩිනන්ඞ් මාකෝස්ගේ පුත් ෆර්ඞ්නන්ඞ් මාකෝස් ජුනියර් ගේ උප ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තරග වැදීමට නියමිතව ඇත. පිලිපීනයේ ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා තෝරා පත් කරගනුයේ වෙන් වෙන් වශයෙනි. සාරාගේ පියා වන වත්මන් ජනාධිපති ඩුටර්ටේ හට තවත් වරක් ජනාධිපති ධුරයට තරග කිරීමට නොහැකි වාතාවරණයක් යටතේ ඇය මෙසේ උප ජනාධිපති ධුරයට තරග කිරීමට තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment