පිස්සු බැල්ලියක් රියක් පදවයි

906

මේ රටේ ඉතිහාසයට අනුව එළාර රජතුමාගේ පුතා ධාවනය කළ කරත්තයකට යටවී වසු පැටවකු මියගිය කල්හි රජතුමා සිය පුත්‍රයාට ද ඒ ආකාරයෙන්ම මරණ දණ්ඩනය දුන්නේය. ඉහත සඳහන් කතන්දරය හැබෑ නම් එළාර රජතුමා ද තවත් වසු පැටවකු විය හැකි බව මේ කතාව අසා නැති නූතන පරම්පරාව කල්පනා කරන්නට පුළුවන. ඒත් අපගේ අදහස වන්නේ මේ රටේ ඉතිහාසයේ තිබූ සත්ව අහිංසන ප්‍රතිපත්තිය සහ සතුන්ට හිංසා කරන අයට දඬුවම් පැමිණවීමේ ප්‍රතිපත්තිය සංකේතවත් කිරීම සඳහා එළාර රජතුමා ද සෙට් කරගෙන ඉහත සඳහන් කතාව ප්‍රබන්ධ කරන්නට ඇති බවය. ප්‍රාණඝාතයේ වරද පිළිබඳ මිහිඳු හාමුදුරුවන්ගෙන් බණ ඇසූ දේවානම්පියතිස්ස රජතුමා එදා සිට කිසි කලෙකත් තම පෞර රාජ්‍යය තුළ සතුන් මැරීම තහනම් කළේය. යුරෝපීය සංස්කෘතිය තුළ සතුන් මැරීම ප්‍රවර්ධනය නොකරන නමුදු එයට කිසියම් සාධාරණත්වයක් ආරෝපණය කිරීම සඳහා පොඩි ්ාවමිඑපැබඑ එකක් කර ඇත. ඔවුන් කියන්නේ කුසගින්න සඳහා ආහාර පිණිස සතකු මැරීම වරදක් නොවන නමුදු විනෝදය පිණිස සතුන් මැරීම පාපයක් බවය. ශ්‍රී ලංකාවට පැමිණි ඉංග්‍රීසි ආක්‍රමණිකයා විනෝදය සඳහා අලි ඇතුන් ලක්ෂ ගණනක් ඝාතනය කළේය. බි්‍රතාන්‍ය ආක්‍රමණිකයා විසින් තම යටත් විජිතවල සිටි කොටින්, ව්‍යාඝ්‍රයන් වැනි සතුන් විනෝදය පතා කෝටි ගණනින් මරණ ලදි. උදාහරණයක් ලෙස ලංකාවේ සිටි බි්‍රතාන්‍ය ආමි මේජර් කෙනෙක් එකදහස් අටසිය ගණන්වලදී අලි ඇතුන් 1500 ක් ඝාතනය කර වාර්තාවක් පිහිටුවා ඒ බව එංගලන්තයේ මහා ආණ්ඩුවට දන්වා යැවීය. ඒ බව දැනගත් එංගලන්තයේ ජෝර්ජ් රජතුමා මෝඩ පිස්සකු ලෙස නොහැසිරී රාජකාරිය පමණක් ඉටුකරන ලෙස ඔහුට අවවාද කර බි්‍රතාන්‍ය ආණ්ඩුවේ තුවක්කු සහ පතරොම් ඔහු විසින් අපහරණය කරනු ලැබීම ගැන කේස් එකක් ද ෆයිල් කළේය. මේ අලි මරුවාගේ සොහොන නුවරඑළියේ පිහිටා තිබේ. පසුව හෙණයක් වැදීම නිසා සොහොන් ගල දෙපලු විය.

ඉහත සඳහන් විස්තරය අප විසින් සඳහන් කරන ලද්දේ මීළඟට කියවෙන ප්‍රවෘත්තියට පූර්විකාවක් වශයෙනි. රිකිල්ලගස්කඩ පදියපැලැල්ලේ ජීවත්වූ කකුල් දෙකේ පිස්සු බල්ලෙක් මේ ළඟදී දවසක එම ප්‍රධාන මාර්ගයේ පිහිටි කදුරුකඩේ හංදියට බලු පැටවුන් දෙදෙනකු අත්හැර දමා පලා ගියේය. අහල පහල මිනිසුන්ගේ ආහාර පාන සහ සත්කාර නිසා මේ බලු පැටවුන් දිවි ගැටගසා ගත් අතර අහල පහල සිටි වෙනත් බලු තඩියෙක් මේ කුඩා සතුන් දෙදෙනා මහත් ආදරයෙන් රැකබලා ගත්තේය. මේ අතර පෙබරවාරි 17 දා පදියපැලැල්ලේ සිට රිකිල්ලගස්කඩ දක්වා නවීන මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි 27 හැවිරිදි විවාහක පිස්සු බැල්ලියක් පාරේ සිටි බලු පැටවුන් දෙදෙනා ඉතාම අරමුණු සහගත ලෙස රථයට යටකොට මරා දැමීය. මේ බව යාබද නිවසක CCTV කැමරාවේ සටහන්ව තිබුණි. සිද්ධිය පිළිබඳ පැමිණිලි රාශියක් මතුරට පොලිසියට ලැබෙන්නට පටන්ගත් අතර පළමු පැමිණිල්ලේදීම ක්‍රියාත්මක වූ පොලිසියේ නිලධාරීහු මහත් පරිශ්‍රමයක් දරා විත්තිකාර පිස්සු බැල්ලිය සහ මෝටර් රථය අත්අඩංගුවට ගත්තේය. එම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට පිහිටවුණේ බලු පැටවුන් යටකර මරණ දර්ශන අඩංගු CCTV රූප පෙළය. සත්ත්ව හිංසනයට එරෙහි විශාල පිරිසක් මෙම CCTV දර්ශන සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමට පටන්ගත් අතර මුළු රටම සිද්ධියට අදාළ මෝටර් රථය සොයන්නට විය. අවසානයේදී සිය ස්වාමි පුරුෂයා සමග පොලිසියට ගෙන්වන ලද අදාළ පිස්සු බැල්ලිය පාපොච්චාරණය කරමින් බලු පැටවුන් මරා දැමීම ගැන කනගාටු වන බව උසාවියට කීවාය. දැනට ඇය රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත ගෙදර යවා ඇත. මේ පිළිබඳ නඩුව ජුනි 1 දා විභාගයට ගනු ලැබේ.

අප පිස්සු බැල්ලියක ලෙස සංකේතාත්මකව හඟවන ලද්දේ කාන්තාවකි. මේ කාන්තාව පරපීඩා කාමුකත්වයට සම්බන්ධ උග්‍ර මානසික මට්ටමක පසුවන බව අපට පෙනී යයි. එබැවින් මැයට දරුවන් ඇතොත් වහාම ඔවුන් පරිස්සම් කරගන්නා ලෙස අපි ඒ පවුලේ සෙසු භාරකරුවන්ගෙන් ඉල්ලමු. මේ දිනවල මව්වරුන් සහ පියවරුන් විසින් දරුවන් ඝාතනය කිරීමේ ප්‍රවණතාවක් හටගෙන තිබේ. ළඟදී සිය දරුවන් දෙදෙනා එල්ලා මැරූ තරුණ පියෙක් තෙමේද සිය දිවි නසා ගත්තේය. ඉන්පසු තරුණ මවක් සිය කුඩා දරුවන් දෙදෙනා ළිඳකට දමා මරා ඇය ද වස පානය කළාය. කාන්තාවක විසින් සිය මෝටර් රථයට හසුකර අහිංසක සහ අසරණ බලු පැටවුන් දෙදෙනකු මැරීම ද ඉහත සඳහන් බාලක ඝාතන ක්‍රියාවලියේම දිගුවකි. මෙබඳු පුද්ගලයන් සමාජයෙන් වෙන්කොට තැබීම සඳහා අවශ්‍ය පහසුකම් දියුණු රටවල තිබේ. මෙම පහසුකම් හඳුන්වන්නේ ‘Asylum’ යනුවෙනි. අසයිලම් එකක් යනු මානසික රෝහලක්ම නොවේ. එමගින් සිදුවන්නේ නිධන්ගත මානසික රෝගීන්ගෙන් සිවිල් ජනයා සහ සමාජය ආරක්ෂා කර ගැනීමය. මෙවැනි තැන්වලට යැවීමට සුදුසු පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මේ රටේ සිටිය ද එවැනි අසයිලම් තවමත් මෙහි පිහිටුවා නැත. ඉහත සඳහන් කෲර කාන්තාව අත්අඩංගුවට ගන්නා ලද්දේ සත්ත්ව හිංසන පනත යටතේ ය. මේ පනත තවදුරටත් ශක්තිමත් කළ හැකි නම් ඌරන්ට සහ හරකුන්ට විවිධ වධ දී උන් මස් පිණිස ඝාතනය කිරීම වැළැක්වීමට හැකිය. එසේම මේ රටේ සමාජ මාධ්‍යකරුවන් සහ සත්ව හිංසා සංවිධාන හරිආකාරව ක්‍රියාත්මක වන්නේ නම් මේ කෲරකම් වැළැක්වීම වහා කළ හැකි බව අපි විශ්වාස කරමු. ආණ්ඩුවක් වෙනස් කළ සමාජ මාධ්‍යවලට රටක චින්තනය සහ හැසිරීම ද වෙනස් කිරීම ඉතා ලෙහෙසි ය.

advertistmentadvertistment
advertistmentadvertistment