පිහිනුම් අංශයේ මුල්තැන ඇමෙරිකාවට

207

දැන් ක‍්‍රියාත්මක 32 වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි පිරිමි පිහිනුම් තරග ආශ‍්‍රිතව පෙරමුණ ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සමත්වන අතරවාරයේ ඔස්ටේ‍්‍රලියාවට කාන්තා අංශයේ මුල් තැන හිමි වී තිබේ. ඔස්ටේ‍්‍රලියාව දිනාගත් රන් පදක්කම් සංඛ්‍යාව 02 කි.

රන් 02 රිදී 01 සහ ලෝකඩ 01 බැගින් පදක්කම් 04 ක් දිනා ගනිමින් පිරිමි අංශයේ පෙරමුණ ගැනීමට ඊයේ (26දා* වනවිට ඇමරිකාව නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වන අතර වාරයේ එහි ක‍්‍රීඩිකාවන් රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් හිමි කර ගත්හ.

පිහිනුම් ක‍්‍රීඩාවේ ඉතා අසීරු ඉසව්වක් ලෙස සැලකෙන මීටර් 100 ළය ආර ලෝක වාර්තාවට (තත්:56.88* සහ ඔලිම්පික් වාර්තාවට (තත් 57.13* හිමිකම් කියන මහා බි‍්‍රතාන්‍යයේ ඇඩම් ෆීටී මෙවර ද තම රිද්මය පවත්වා ගනිමින් රන් පදක්කම දිනා ගැනීම කැපී පෙනුණි. ඒ සඳහා ඔහුට ගතවූ කාලය තත්: 58.33 කි. සෙ:මී: 191 උසැති ඇඩම්ව ෆීටී 28 හැවිරිදි වියේ පසුවෙයි. මීටර් 400 නිදහස් ආර ඉසව්වේ ජයග‍්‍රහණය ටියුනීසියාවට හිමිවන අතර වාරයේ මීටර් 100 ඥ 4 නිදහස් ආර සහය දිවීමේ ඉසව්වේ සහ මීටර් 400 මිශ‍්‍ර කේවල ඉසව්වේ රන් පදක්කම් ඇමරිකා එක්සත් ජනපදය සතු විය.

කාන්තා මීටර් 100 සමනල ආර ඉසව්වේ රන් පදක්කම කැනඩාව දිනා ගත් අතර මීටර් 400 මිශ‍්‍ර කේවල ඉසව්වේ රන් පදක්කම සත්කාරක ජපානය සතු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment