පිහිනුම් ශූර රොෂාන්ට නව නිවසක්

297

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර කෝප‍්‍රල් රොෂාන් අබේසුන්දර හට නව නිවසක් ඉදිකර ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරණ මහත්මියගේ අධීක්ෂණය යටතේ පසුගියදා සිදුවිය.

 තලෙයිමන්නාරම් මුහුදු තීරයේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරම දක්වා කිලෝමීටර 59.3 ක දුරක් පිහිනා ආසියානු වාර්තාවක් තබමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ මෙන්ම ශී‍්‍ර ලංකා නාමයද ජාත්‍යන්තරයට ගෙන යෑමට පිහිනුම් ශූර කෝප‍්‍රල් රොෂාන් අබේසුන්දර

 පසුගිය වසරේදී සමත් විය. මෙම නිවස ඉදිකිරීම සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මූල්‍ය ප‍්‍රතිපාදන සපයන ලද අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment