පිහියක් ඉනේ ගසාගෙන කාන්තාවන් ස්පර්ශ කරලා… කුලියාපිටියේ ඩෙඟා නැටූ හාදයා අත්අඩංගුවට

576

පිහියක් ඉණේ ගසාගෙන මුහුණු ආවරණ නොපැළ`ද බස් නැවතුමේ ආපන ශාලාවල බීම බෝතල් පොළොවේ ගසා බි`ද දමමින් අශෝභන අන්දමින් හැසිරුණ අයකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිසිය ඊයේ (21* කටයුතු කළේය.

කුලියාපිටිය බස් නැවතුමේ බීමත්ව අශෝභන ලෙස හැසිරෙමින් සිටි අයෙකුට මගීන් හා ව්‍යාපාරිකයන් මුහුණු ආවරණය පළ`දින්නැයි කළ දැනුම්දීමට තදබල ලෙස උරණවී අසල තේ කඩවල ඇති බීම බෝතල් බි`දදමමින් කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධව හා පසුව පිහියක් ඉණේ ගසාගෙන පැමිණ කාන්තාවන්ගේ ශරීර ස්පර්ශ කිරීමට කිහිපවරක් තැත්කළ බව කියමින් එම ස්ථානයේ සිටි පිරිස කුලියාපිටිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එසේ අත්අඩංගුවට පත්විය.

 කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment