පිළිකා රෝගීන්ගේ බෙහෙත් දොස්තර මත්ලෝලීන්ට විකුණලා

241

පිළිකා රෝගීන්ට සහ බරපතළ ශල්‍යකර්ම සිදු කළ රෝගීන්ට වේදනා නාශකයක් ලෙස ලබාදෙන ඖෂධයක් මත්ලෝලීන්ට අලෙවි කළ බව කියන විශ‍්‍රාමික වෛද්‍යවරයකු පානදුර වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (18 දා) කඳාන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් නිලධාරියකු උපාය දූතයකු ලෙස එම ස්ථානයට යවා වේදනා නාශක පෙති 10 ක් මිලට ගෙන සිදුකළ වැටලීමේදී තවත් එවැනි පෙති 1400 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෛද්‍යවරයා කඳාන ප‍්‍රදේශයේ මත්ලෝලීන්ට වේදනා නාශක පෙති අලෙවි කරන බවට ලද තොරතුරක් මත වැටලීම සිදුකර සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරම කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවත් ඔහු රජයේ රෝහලකින් විශ‍්‍රාම ගිය වෛද්‍යවරයකු බවත් හෙළි කරගෙන ඇත.

වලාන දූෂණ ප‍්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ උදය කුමාර මහතාගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්‍ෂක චතුරංග, පොලිස් කොස්තාපල් (96505) සම්පත් යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කළහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment