පිළිකා රෝගී පාසල් සිසුවියට පිහිටක් වුණොත් පිනක්

148

මොනරාගල මහානාම ජාතික පාසලේ 08 වැනි වසරේ ඉගෙනුම ලබන බී. එම්. හර්ෂනී දිල්රුක්ෂි නවෝද්‍යා ශිෂ්‍යාව දරුණු පිළිකා රෝගයකට ගොදුරු වී දැනට මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

ඇය සුවපත් කිරීම සඳහා රුපියල් හාරලක්ෂ හතළිස්දහසක එන්නත් හතරක් ලබාදිය යුතු බව වෛද්‍යවරුන් පවසා ඇත. දැනට එම මුදලින් ලක්ෂ දෙකක් පමණ විද්‍යාලයීය ශිෂ්‍ය සුබසාධක සංගමය සහ පරිත්‍යාගශීලීන් ලබාදී ඇත. ඉතිරි මුදල සොයා ගැනීමට එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත්වන දෙමව්පියන්ට නොහැකිය.

එබැවින් තම දරුවා සුවපත් කරගැනීම සඳහා උදව් උපකාර කරන ලෙස දෙමව්පියන් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටී. ලංකා බැංකුවේ මොනරාගල ශාඛාවේ පවත්වාගෙන යන 80500905 ගිණුමට හැකි පරිත්‍යාග සිදුකරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. වැඩි විස්තර 0773569119 අංකයෙන් දියණියගේ පියාගෙන් ලබාගත හැක.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment