පිළිකා රෝග සුවපත් කරන  ජීව බල ප්‍රතිකාර

2334

පිළිකා රෝගය ගැන පවසන විට අපගේ සිතට නැඟෙන ක්‍ෂණික සිතුවිල්ල වන්නේ මරණයයි. එනිසා පිළිකා රෝගයක් ඇතිවූ විට බොහෝ රෝගීන් ජීවත්වන්නේ මරණ වරෙන්තුවත් සහිතවය.

 ● වෛද්‍යතුමනි, පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා  රෝගයක් මතුවීමට බලපාන හේතු හඳුනාගෙන ඇත්තේ කෙසේද?

 පිළිකාවක් ඇතිවීමට මූලික හේතු ගණනාවක් ඇත. එම හේතු අතර අප ප්‍රධාන වශයෙන්ම හඳුනාගෙන ඇති හේතු අතර මානසික පීඩනය, වස විස සහිත ආහාර පාන බහුලව ගැනීම, සිරුරට අහිතකර කිරණවලට නිතර මුහුණදීම, පෙර අකුසල කර්ම, අමනුෂ්‍ය දෝෂ ආදිය පවතී.

 මෙහිදී පෙර අකුසල කර්ම සහ අමනුෂ්‍ය දෝෂ නිසා පිළිකා හටගෙන ඇති රෝගීන් අපට නිතරම හමුවෙනවා. පුද්ගලයෙක් මියගිය පසු කල්ප අනූ එකක් පමණ ජීවත්වන බව සඳහන් වෙනවා. එසේ ජීවත්වන අපට හිතවත් ඥාතීන් සහ ඥාතීන් නොවන අය අප පසුපස සිටිනවා. එම ඥාතීන් අතර සසර ගනුදෙනු සහිත ඇතැම් අය අමනුෂ්‍ය බලවේග ලෙස කිසියම් ආත්මයකදී සිදුකළ කුසල අකුසල කර්ම අනුව පිං බලාපොරොත්තුවෙන් තමාගේ සමීපතම ඥාතීන් අතරට පැමිණෙනවා. එම අමනුෂ්‍ය බලවේග අප අතරට පැමිණෙන්නේ පිළිකා රෝගයක් ලෙසය. මෙය බොහෝ පිළිකා

 රෝගීන් පරීක්‍ෂාවට ලක්කිරීමේදී හඳුනාගෙන තිබෙනවා. ඔවුනට පිළිකා රෝගය මතුවීමට බලපා ඇති විශේෂ හේතුවක් හඳුනාගත නොහැකි බව පවසනවා. ඇතැම් අය පවසන්නේ තමාගේ සමීප ඥාතියෙක් පිළිකාවක් නිසා මියගිය බවය. එනිසා දේශීය පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර සිදුකිරීමේදී මෙවැනි කරුණු පිළිබඳව අප විශේෂයෙන් අවධානය යොමු කරනවා.

 මෙලෙස කුමන හෝ හේතුවක් නිසා සිරුරේ සාමාන්‍ය සෛලවල විකෘතිතාවයක් හටගත්විට එහි ඇති ඩී. එන්. ඒ. අනුවලට බලපානවා. එවිට මෙම විකෘතිවූ සෛල තුළින් හටගන්නා දෙවැනි පරම්පරාවේ සෛලවල න්‍යෂ්ඨියෙහි වර්ණදේහවල විකෘතිතා ඇතිවේ. එම විකෘතිතා සහිත සෛල සිරුරේ කුමන හෝ ඉන්ද්‍රියක හටගත්විට එය වර්ධනය වන්නේ විකෘතිතා සහිත අසාමාන්‍ය සෛල ලෙසය. මෙවැනි තත්ත්වයක් පිළිකාවක් ලෙස හඳුනා ගන්නවා.

 ● වෛද්‍යතුමනි, මෙලෙස හටගන්නා පිළිකාවක් සිරුරේ කිසියම් ඉන්ද්‍රියක ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකරන්නේ කෙසේද?

 එය අපට විවිධ රෝග ලක්‍ෂණ සහිතව රෝගියා තුළින් දැකගත හැකියි. වර්තමානයේ අපට බහුලවම දකින්නට ලැබෙන පිළිකා වර්ග වනුයේ පියයුරු පිළිකා, ගර්භාෂ පිළිකා, ගුද මාර්ග පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව හටගත් පිළිකා, යෝනි මාර්ග පිළිකා ආදියයි. ඒ අනුව කාන්තාවන්ට බහුලවම පිළිකා ඇතිවන බව හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව පෙනහළු ආශ්‍රිතව, ආමාෂය, ගලනාලය ආශ්‍රිතව ආදී ලෙසින් හටගන්න පිළිකා බහුලවම දකින්නට තිබෙනවා.

 මෙහිදී පියයුරු පිළිකාවක් මතුවන විට ඇයගේ පියයුරුවල ගැටිත්තක්, පියයුරේ හැඩයේ වෙනස්වීමක්, වර්ණය වෙනස්වීමක් ආදිය දැකිය හැකියි. ගුද මාර්ගයේ පිළිකාවක් ඇතිවූ විට මල සමඟ රුධිරය පිටවීම, සෙම පිටවීම ආදිය හටගනී. යෝනි මාර්ගය ආශ්‍රිතව පිළිකාවක් හටගත්විට යටි බඩ පෙදෙසේ වේදනාව, ඔසප් චක්‍රයේ වෙනස්වීම්, ඔසප්වීම සමඟ ශ්‍රාවයන් පිටවීම ආදිය දැකගත හැකියි.

 පෙනහළු ආශ්‍රිතව පිළිකා හටගත්විට හුස්ම ගැනීමේ අපහසුතා, නිතර සෙම පිටවීම, නිතර කැස්ස ආදිය ඇතිවේ.

 ආමාෂය තුළ ඇතිවූ විට ආහාර අරුචිය, බඩපුරවා දැමීම, සිරුර කෙට්ටුවීම ආදිය දැකගත හැකියි.

 අක්මාව, අග්න්‍යාශය, පිත්තාශය යන ඉන්ද්‍රියයන් තුනම ආශ්‍රිතව පිළිකාවක් හටගත්විට පිත්තනාලය අවහිරවී රුධිරයට බිලිරුබීන් එන්සයිම එක්වී නිතර උණ හටගැනීම, ඇස් කහවීම ආදිය මතුවේ. අක්මාව ආශ්‍රිත පිළිකාවේදී උදරය ඉදිමුම, ආහාර අරුචිය, හුස්ම ගැනීමේ අපහසුතා, හතිය ඇතිවීම වැනි අපහසුතා මතුවේ. වර්තමානයේ අක්මාව සහ පිත්තාශය ආශ්‍රිතව හටගන්නා පිළිකා රෝගා බහුල වී ඇත. ඊට අමතර ගලනාලය, අස්ථි ආශ්‍රිත පිළිකා ලියුකේමියාව වැනි රුධිරය ආශ්‍රිත පිළිකා වර්ග ඇතුළු සිරුරේ සෑම ඉන්ද්‍රියකම පිළිකා වර්ග මතුවේ. එවැනි ඕනෑම පිළිකා වර්ගයක් නිසි පරීක්‍ෂාවකට ලක්කර ප්‍රතිකාර කළයුතුය.

 ● වෛද්‍යතුමනි, මෙලෙස කුමන හෝ ඉන්ද්‍රියක හටගන්නා පිළිකාවක් පාරම්පරික වෛද්‍යක්‍රමය මගින් සුව කළ හැකිද?

 පාරම්පරික හෙළ වෛද්‍ය ක්‍රමය සහ ආයුර්වේදය සමඟ ඕනෑම පිළිකාවක් සුවපත් කළ හැකියි. ඒ සඳහා ඖෂධ වර්ග තිබේ. පිළිකා රෝගීන් සම්බන්ධව මා සතු අත්දැකීම් අනුව අප වෙත එන බොහෝ රෝගීන් විවිධ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවී ඉන් සුවපත් භාවයක් ලබානොගත් අයයි. එනිසා බොහෝ දෙනෙක් එන්නේ පිළිකාවේ මුල් අවස්ථාවේදී නොවේ. රෝගය දරුණු වී තවදුරටත් ප්‍රතිකාර කළ නොහැකිය යැයි පවසා ඇති රෝගීන්ය.

 මෙවැනි රෝගීන් විශාල පිරිසක් අප සුවපත්කර තිබෙනවා. සුවපත් කළ නොහැකි රෝගීන් ඉතා අතළොස්සක් හමුවී ඇත්නම් ඔවුන්ගේ පෙර ආත්මවල බලපා ඇති බරපතළ අකුසල කර්මයන් ඒ සඳහා හේතුවී තිබෙනවා.

 අප වෙතට පැමිණෙන පිළිකා රෝගීන් ඉතා බරපතළ තත්ත්වයට පත්වූ අයයි. එවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අභියෝගය මා භාරගන්නවා. එහිදී ඔවුනට දීර්ඝකාලීනව ප්‍රතිකාර සඳහා යොමුකරන්න බැහැ. ඉතා කෙටි කාලයක් තුළ කඩිනම් ප්‍රතිකාර සිදුකළ යුතුයි. මෙම ප්‍රතිකාරවලදී මූලික වශයෙන් ලේ පිරිසිදු කිරීම, බඩවැල් පිරිසිදු කිරීම ආදී ලෙසින් සිරුර තුළ පවතින විස සහිත බව සෝදා හැරීම කළ යුතුයි. එය පළමු බෙහෙත් වාරයේදීම සිදුකරනවා. ඒ සමඟම පිළිකාව සුවය සඳහා අදාළ ප්‍රතිකාරත් ආරම්භ කරනවා. එහිදී දිනකට හය වාරයක් දහතුන් වාරයක් ආදී ලෙසින් බෙහෙත් වර්ග පානයට ලබාදෙනවා. ආලේප වර්ග ගැල්වීමද සිදුකරනවා. මෙලෙස මුල් අවස්ථාවේදීම කඩිනමින් සිරුර සාමාන්‍ය තත්ත්වයට හරවාගත් පසු පිළිකා සුවයට අවශ්‍ය පසුබිම සකස් කරගත හැකියි. එසේම පිළිකාවේ වර්ධන වේගයද අඩාල කරනවා. එවිට ක්‍රමානුකූලව ඖෂධ වර්ග ලබාදී දරුණු තත්ත්වයේ පැවැති පිළිකාව සුවපත් කරනවා. මෙලෙස සිදුකරන ප්‍රතිකාර ක්‍රමයේදී අප රෝගියා මාස තුනක් පමණ ගතයුතු බෙහෙත් දින 16 කදී පමණ ලබාදීම සිදුකර අවසන් කරනවා. එවැනි දින 16 යේ බෙහෙත් වර්ග 8 ක් පමණ මාස 04 කට ආසන්න කාලයක් ලබාදීමෙන් පිළිකාව සුවපත් කළහැකියි. අවශ්‍යවුවහොත් පත්තියම් වර්ගයේ බෙහෙත්ද ලබාදෙනවා. ඉන්පසු තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ. මෙම ප්‍රතිකාර වලින් පසු වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාවක් ලබාගත්විට පිළිකාව සුවවී ඇති බව තහවුරු කරගත හැකියි. නමුත් සෑම පිළිකාවක්ම සුවකළ නොහැකියි. 85% ක් පමණ පිළිකා රෝග සුවපත් කළ හැකියි. ඉතා සුළු පිරිසක් පමණ

 රෝගීන් සුවපත් කළ නොහැකි මට්ටමේ සිටිනවා.

 පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී රස බෙහෙත් වර්ග, කසාය චූර්ණ වර්ග, ගුලි වර්ග ආදී ඖෂධ කිහිපයක්ම යොදාගන්නවා.

 මෙම ඖෂධ වර්ග වලට අමතරව අපගේ විශේෂ පාරම්පරික ඖෂධ වර්ග කිහිපයක් භාවිතා කරනවා. ඒ සඳහා පිළිකා නාශක තෙල් වර්ග කිහිපයක් සහ ආලේපවර්ග යොදාගන්නවා.

 මෙලෙස යොදාගන්නා තෙල් වර්ග අතර වජිරකුමාර පිළිකා නාශකය, ජීවබල ඉසිවර දිව්‍ය විසහරණ පිළිකා නාශකය, ජීවබල දේවකුමාර පිළිකා නාශකය ඉන් කිහිපයකි. එසේම පිළිකා නාශක ආලේපද භාවිත කරනවා. ඉන් පිළිකාව ඇති ස්ථානයේ ආලේප කරනවා. මෙලෙස පානයට දීම, ආලේප කිරීම ආදී සෑම ප්‍රතිකාර ක්‍රමයක්ම යොදා ගනිමින් අප රෝගියාව සුවපත් කරනවා.

පිළිකා රෝග සුවපත් කරන  ජීව බල ප්‍රතිකාර



 වැඩිදුර උපදෙස් සඳහා දුරකථන අංක 0778985757 ඇමැතිය හැකියි.

advertistmentadvertistment
advertistmentadvertistment