පිළිකා රෝග සුවයට වැදගත් වන  නීරෝගී බව

802

පිළිකා රෝගයට අයත් රෝග තත්ත්වයන් සියයකට අධික සංඛ්‍යාවක් ඇති බව හඳුනාගෙන ඇත. මෙම පිළිකා වර්ග අතරින් මාරාන්තික බවට පත්වන පිළිකා වර්ග ඇත්තේ කිහිපයක් පමණක් බව වෛiවරු පවසති. නමුත් පිළිකාවක් යැයි පැවසූවිට අප කොයි කවුරුත් දැඩි ලෙස බියට පත්වෙති.

 වෛද්‍යතුමනි, ඍෂිනාඩි වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා රෝගය හඳුන්වා ඇත්තේ කෙසේ ද?

 මහා ඍෂිනාඩි වෛiවරු පිළිකා රෝගය සම්බන්ධව සඳහන් කර ඇත්තේ සිරුර තුළ හටගන්නා අසාමාන්‍ය වර්ධනයක් ලෙස ය. මෙම අසාමාන්‍ය වර්ධනය ඕනෑම ඉන්ද්‍රියයක හටගත හැකිය. ඒනිසා සිරුරේ සෑම ඉන්ද්‍රියක් තුළම පිළිකා හටගත හැකි බව පවසා ඇත. නමුත් මේ සෑම පිළිකාවක්ම මාරාන්තික නැත. අපගේ සිරුරේ මතුවිය හැකි පිළිකා වර්ග 101ක් ගැන මහා ඍෂිනාඩි වෛiවරු පවසා ඇත. මෙම පිළිකා අතරින් මාරාන්තික වන්නේ මොළයේ හටගන්නා පිළිකා, පියයුරුවල හටගන්නා පිළිකා, පෙණහලු ආශ්‍රිතව හටගන්නා පිළිකා ආදියයි. අනෙක් පිළිකා වර්ග එතරම් මාරාන්තික නොවේ. නමුත් ඒවාට නිසි ප්‍රතිකාර නොකළහොත් ඒවා අදාළ ඉන්ද්‍රියයන්ගෙන් වෙනත් ඉන්ද්‍රියයන් වෙත පැතිර ගොස් සංකීර්ණ තත්ත්වයට පත්වූ විට මාරාන්තික තත්ත්වයට පත්වේ.

 පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් සහිත පිරිස ලෙස කාන්තාවන් හඳුනාගෙන ඇත. ඔවුන්ගේ සිරුරේ ක්‍රියාකරන හෝමෝන වර්ග රැසක් පවතින නිසාත් ඒවායේ යම් බලපෑමක් නිසා මතුවන බවත් හඳුනාගෙන තිබේ. ඒනිසා කාන්තාවන් මැදිවියට පත්වන විට තමාගේ සිරුරේ නීරෝගී බව ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය.

 කාන්තාවන්ට ඇතිවන පිළිකා අතරින් පියයුරු පිළිකා ඉතා වේගයෙන් සිරුරේ පැතිරිය හැකිය.

 ඒනිසා පියයුරු පිළිකාවක් ඇතිවූ විට වහාම ඒ සඳහා ප්‍රතිකාර වෙත යොමු විය යුතුය.

 කාන්තාවන්ගේ ගර්භාෂයේ, ගැබ්ගෙල ආශ්‍රිතව, යෝනි මාර්ගයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇතිවීම ද නිතර දැකිය හැකිය. විශේෂයෙන්ම දරු සම්පත් අහිමි කාන්තාවන්, බහු ලිංගික සේවනයේ යෙදෙන කාන්තාවන්, ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව දිගු කාලයක සිට පවතින කාන්තාවන් අතර ගර්භාෂ පිළිකා, යෝනිමාර්ග පිළිකා සහ ගැබිගෙල පිළිකා ඇතිවීමට ඇති අවස්ථාව වැඩිය.

 අධික තරබාරු කාන්තාවන් අතර ද මෙම පිළිකා මතුවීම දැකිය හැකිය. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ඔවුනගේ තරබාරුව නිසා සිරුරේ හටගන ගෙන ඇති හෝමෝනවල වෙනස්කම් සහ සිරුර තුළ අධික මේදය තැන්පත්ව තිබීමය.

 කාන්තාවන්ගේ ගර්භාෂයේ, යෝනි මාර්ගයේ හෝ ගැබ්ගෙලහි පිළිකා වර්ධනය වනවිට ඇයගේ මාසික ඔසප්වීම අක්‍රමවත් වීමට පටන් ගනී. ඔසප්වීමේදී අධිකව රුධිරය වහනය වේ. ඔසප් වීම අධික වේදනාකාරීය. සුදයෑම ඇතිවේ. මෙවැනි අවස්ථාවකදී නිසි පරීක්‍ෂාවකට ලක්ව පිළිකා මතුව ඇති දැයි කියා හෝ ඒ සඳහා මූලික පසුබිම සැකසෙමින් පවතින්නේ දැයි කියා නිවැරදිව හඳුනා ගත යුතුය.

 වෛද්‍යතුමනි, පිළිකා සුවය සඳහා අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත් මොනවා ද?

 පිළිකාවක් මුල් අවස්ථාවේදී ම හඳුනාගත් පසු එය සුව කිරීම පහසුය. එහිදී ප්‍රතිකාර ලබාගන්නා අතර ම සිරුරේ නිසි පෝෂණය ගැන ද සැලකිලිමත් විය යුතුය. බොහෝ දෙනා පිළිකාවක් ඇතිවූ විට ආහාරපාන ගැනීම සහ නීරෝගී

 සෞඛ්‍යය පවත්වා ගැනීම ගැන සැලකිල්ලක් දක්වන්නේ නැත. ඒනිසා සිරුර දුර්වල වේ. එය පිළිකා සෛලවලට ඉතා වේගයෙන් වර්ධනය වීමට උපකාරී වේ. එබැවින් පිළිකාවක් ඉක්මනින් සුව කර ගැනීමට නම් සිරුරේ නිසි පෝෂණය ගැන මෙන්ම සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ද අවධානය යොමුකළ යුතුය. එහි දී දිනපතා කොත්තමල්ලි, වෙනිවැල්ගැට, ඉඟුරු, පාවට්ටා කොළ සහ මුල් සමව යොදා හොඳින් තම්බා ගෙන එම ඖෂධ පානයක් ලෙස දවසට දෙවරක් ගැනීම මගින් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරගත හැකිය. එවිට පිළිකා සෛල වර්ධනය අඩාල කර ගැනීමට උපකාරී වේ.

 තිරිඟු පිටි වෙනුවට ඉරිඟු පිටි යොදා සකස් කළ ආහාර ගැනීම, මස් වර්ග ගැනීම සීමා කිරීම කුඩා මාළුවර්ග වැඩිපුර ආහාරයට ගැනීම, පළාවර්ග නිතර ආහාරයට ගැනීම යෝග්‍යය.

 දිනපතා වතුර ලීටර් 2ක් වත් පානය කිරීම අවශ්‍යය. මෙම ජලය නිසි ලෙස පානයෙන් ද පිළිකා ඇතිවීම වළක්වා ගතහැකි බව හඳුනාගෙන ඇත. මේ සියලු ආහාරපාන ගන්නා අතර තමාගේ මානසික සුවය ද හොඳින් පවත්වා ගත යුතුය. රෝගය නිසා මානසිකව බිඳ වැටීම මගින් ඇතිවන සිරුරේ වෙනස්කම් නිසා පිළිකාව වර්ධනය වීම ඉක්මන්වේ. ඒනිසා චිත්ත ශක්තිය වර්ධනය කර ගැනීම මෙහිදී ඉතා අත්‍යවශය.

පිළිකා රෝග සුවයට වැදගත් වන  නීරෝගී බව

 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment