පිළිකා රෝහල උදව් ඉල්ලයි

364

මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන හා සායන වෙත පැමිණෙන පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීමට හැකියාව ඇති අයට අවස්ථාව සලසා දී ඇතැයි මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමට රෝහලේ ඖෂධ හා ශල්‍ය උපකරණ පරිත්‍යාග ඒකකයට දුරකථන ඇමතුමක් ලබාදී හෝ පැමිණ එහි සිටින සෞඛ්‍යවේදිනිය සම්බන්ධ කරගත හැකි බවද ඒ මහතා කීය.

ඖෂධ මිල ගණන් අසීමිත ලෙස ඉහළ යෑම හමුවේ මේ වනවිට පිළිකා රෝගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මෙහිදී අදහස් දැක්වූ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා මෙසේ ද කීය.

ඖෂධවල යම්කිසි අඩුවක් තියෙනවා. නමුත් සියල්ල ම නොවෙයි. අපිට ඖෂධ හා වෛද්‍ය සැපයුම් 10,000කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනවා. මෙයින් යම් ප්‍රමාණයක අඩුවක් තියෙනවා. නමුත් එම ඖෂධ ප්‍රාදේශීයව මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් ලැබෙනවා. මීට අමතරව දානපතියන් ඖෂධ ලබාදීම කරනවා. එයින් යම් අඩුපාඩුවක් තිබෙනවා. සියලුම දානපතියන්ගෙන් සංවිධානවලින් ඉල්ලා සිටිනවා අපිට උදව් කරන්න කියලා. මේ වෙලාවේ ඔබට පුළුවන් රෝගීන්ට සහනයක් ලබාදෙන්න. ඖෂධ වශයෙන් පරිත්‍යාග කරනවා නම් හොඳයි.

ඖෂධ හා ශල්‍ය උපකරණ පරිත්‍යාග කරන්න කැමැති දානපතියන් ඖෂධ හා ශල්‍ය උපකරණ පරිත්‍යාග ඒකකයට ඇමතුමක් දෙන්න.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

 

advertistmentadvertistment
advertistmentadvertistment