පිළිගන්න ‘නියෝකොව්’

1276

මහින්ද කොටින්ගෙන් රට බේරාගත් බවත් ගෝඨාභය කොරෝනාවෙන් රට බේරාගත් බවත් රට යළි වැහුවොත් ගොඩඒමක් නැති බවත් ගම්පහ දිස්ත‍්‍රික් පොහොට්ටු මන්ත‍්‍රී සහ සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග පවසා තිබේ. ඉහත සඳහන් කතාව 100% ක් ඇත්තය. පොඩි අඩුපාඩුවකට ඇත්තේ කොටින්ගෙන් රට බේරාගත් මහින්ද රාජපක්ෂට සිය බැංකු ගිණුම ලේකම්ගෙන් බේරා ගැනීමට බැරි වීමය. ඒ කතාව පැත්තක තබමු. දැන් මේ රටේ ජනතාව කල්පනා කරමින් සිටින්නේ දිනෙන් දින වැඩිවන උද්ධමනයෙන් පණ බේරා ගන්නේ කෙසේද යන්න ගැනය. රටේ ඇමැතිවරයෙක් ජනතාව අතරට ගිය විට පිරිමින් සහ ගැහැනුන් එම ඇමැතිවරුන්ගේ මූණට කෙළින්ම බැන වදින තත්ත්වයක් උද්ගතව තිබේ. මීට දෙදිනකට පමණ පෙර කඩවල හාල් තිබෙනවාද නැද්ද යන්න ගැන බැලීමට ගිය බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා කාන්තාවකගෙන් ඉතා හොඳින් බැනුම් අසා බඩ පපුව සුද්ද කර ගත්තේය. ඉදිරියේදී එළඹෙන්නේ තවත් නරක තත්ත්වයකි. එවිට වෙළෙඳ ඇමැති, පාරිභෝගික ඇමැති, තෙල් ඇමැති, විදුලිබල ඇමැති, පොලිස් ඇමැති යනාදීන් පාරට බැස්ස විට ජනතාව විසින් එම ඇමැතිවරුන්ගේ ඇඳි වත් ගලවාගෙන යෑමේ ප‍්‍රවනතාවක් වුව මතුවිය හැකිය. මේ නිසා ඔවුන් යට ඇඳුම් ඇඳ සිටීම අනිවාර්ය වේ.

 ඉහත සඳහන් කතන්දර අතර සැරිසරමින් සිටින අපට ඇෙඟ් මයිල් ඉස්මයිල් කරන අලූත් ආරංචියක් ලැබී තිබේ. ඒ වූකලී මෙතෙක් පහළ නොවූ අලූත්ම ජාතියේ කොරෝනා වෛරසයක් බිහිවී තිබෙන බවය. භැදජදඩ මෙහි නමය. මෙය ී්රි නමැති කොරෝනා වෛරස් ප‍්‍රභේදය සහ ඵැරි නමැති කොරෝනා වෛරස් ප‍්‍රභේදයෙහි එකතුවක් බව දැනගන්නට තිබේ. මෙය වඩාත් සරල කිරීම සඳහා පහත සඳහන් ප‍්‍රශ්න දෙක අසමු. පැපොල සහ සරම්ප එක් වුණොත් කොහොම හිටීවිද? වසූරිය සහ කහ උණ එකතු වුණොත් කොහොම හිටීවිද? දැනට මේ ජාතිය සෞඛ්‍ය පැත්තෙන් කොතරම් පරිහානියට පත්ව ඇත්ද යත් හෙම්බිරිස්සාව සහ කැස්ස දෙක එකට ආවත් දරා ගැනීමට නොහැකිය. එසේ තිබියදී නියෝකොව් වෛරසය පිස්සු කෙළින්නට පටන් ගත්තොත් දෙකෙන් එකක් සිදුවීම නියතය. අලූත් වෛරසය ගැන ලොවට පණිවිඩය දෙනු ලැබ ඇත්තේ චීනයේ වූහාන් නුවර වෛද්‍ය පර්යේෂකයන් විසිනි. කොවිඞ් 19 ලෝකය පුරා පැතිර යෑමත් සමගම චීනයේ වූහාන් නගරය ලෝක වෛරස් නගරය බවට පත්විය. අද වන විට වෛරස් පිළිබඳව වැඩිම පර්යේෂණ සංඛ්‍යාවක් කරනු ලබන්නේ වූහාන් නගරයේ පර්යේෂණාගාර තුළය. වෛරසයක් මිනිස් සිත හා සමානය. එය නිතරම වෙනස් වී අලූත් ස්වරූපයක් ඇතිකර ගනී. කිසියම් වෛරසයක් නිතර නිතර වෙනස්කම්වලට භාජන වී නව ස්වරූපයක් හදාගත් විට එය හඳුන්වනු ලබන්නේ මුල් වෛරසයේ ප‍්‍රභේදයක් ලෙසය. කොරෝනා වෛරසය තුළින් ඩෙල්ටා වෛරසය එලියට ආවේ මේ ආකාරයෙනි. කොරෝනා වෛරසය තුළින් එලියට ආ තවත් වෛරසයක නම වූ කලී මේ දිනවල අප සමග දුක බෙදා හදාගෙන ජීවත්වන ඔමික්‍රෝන් ය. මීට අමතරව ඇල්ෆා, ගැමා, බීටා යනාදී වශයෙන් ද කොරෝනා වෛරස් ප‍්‍රභේද තුනක් ඇත. මේවා ඩෙල්ටා හෝ ඔමික්‍රෝන් තරම් වේගයෙන් පැතිරෙන්නේ නැත. මේ වෛරස් නැවත නැවත බෝවීම වළක්වාලීමට නොහැකි නමුත් එම වෛරසය ඇඟ තුළට ගිය පසු ජීවිත බේරා ගැනීමට එක ක‍්‍රමයක් තිබේ. ඒ වූකලී කොරෝනා එන්නත විද ගැනීමය. කොරෝනා එන්නතේ තුන්වන අදියර හෙවත් ෆයිසර් අදියර මේ දිනවල එන්නත් කෙරෙමින් පවතී. ඇතැම් ගොන් මෝල්ලූ මේ එන්නතට පිටුපස හරවන්නේ එය විද ගැනීමෙන් අත් කකුල් පණ නැතිවෙන බව කියමිනි. කොයි එන්නතෙත් ප‍්‍රතිවිපාක තිබේ. සමහරුන්ට එන්නත් අසාත්මික වන අතර තවත් සමහරුන්ට එන්නත් වලින් කිසිම හානියක් නැත. දිනපතා කසිප්පු බීම නිසා සිරෝසිස් රෝගයට ලක්වන පාපීහු සිටිති. එසේම කිසි කලෙකත් කසිප්පු නොගසන ජලය සහ තේ පමණක් පානය කරන පින්වතුන්ටද සිරෝසිස් හැදෙන අවස්ථා තිබේ. මෙය 50% ට පනහේ තත්ත්වයකි. එබැවින් සියලූ දෙනාම තුන්වන ෆයිසර් එන්නත විද ගැනීම වැදගත්ය. මෙහිදී අප කොරෝනා හැදී මියයන එකා ගැන පමණක් නොව ඉන්න එකා ගැන කල්පනා කළ යුතුය. ගෙදරක කෙනකුට කොරෝනා හැදී මියගිය විට එම ගෙදර දවස් හතක තහනම් කලාපයක් බවට පත්වෙයි. අසල්වැසියන් පැමිණ කොරෝනා ආසාදිත නිවසේ වැසියන්ට අවශ්‍ය ආහාර වර්ග ගේට්ටුව ළඟ තබා පැන දුවති. එවිට ගෙතුළ සිටින උදවියගේ සිත් පෑරේ. මේ හද පාරාගැනීම් වළක්වා ගැනීමට ඇති හොඳම ක‍්‍රමය තුන්වන එන්නත විද ගැනීමය.

 දැනට ඇති ආරංචිවලට අනුව නියෝකොව් කොරෝනා ප‍්‍රභේදය බෝම්බයක් තරම් බලසම්පන්න භාණ්ඩයකි. මෙය හැදුනොත් ජීවත් වීමට වඩා අනික් එක ෂුවර් බව පෙනෙන්නට තිබේ. මේ නිසා රට තුළට පැමිණීමට නියමිත නියෝකොව් හැකි ශක්තිය යොදා පිළිගන්නා අතරම රෝගය බෝකර නොගැනීමේ තැනකට හෙවත් ක‍්‍රමවේදයකට ජනතාව යා යුතුය. ඒ සඳහා පැණි බීමෙන් වැඩක් නැත. එකම පිහිට එන්නත විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment