පිළියන්දල තාත්තාට 107යි සයිනොෆාම් එන්නත දෙයි

236

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප‍්‍රදේශයේ වයස්ගතම පුද්ගලයාට සයිනොෆාම් එන්නත් මාත‍්‍රාව ලබාදීම ඊයේ (17* සිදුකළ බව පිලියන්දල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය
 ගයාන් සමරසිංහ මහතා පැවසීය.

 පන්නිපිටිය පැලැන්වත්ත පදිංචි වයස අවුරුදු 107 ක් වන එම පුද්ගලයා නමින් ඊ. ඒ. ඞී. මාටින් නමැති සිව් දරු පියෙකි.

 වයෝවෘද්ධ පුද්ගලයන් සහ රෝගීව එක්තැන්ව සිටින පුද්ගලයන් සඳහා ආරම්භ කළ ජංගම එන්නත්කරණ වැඩ සටහන යටතේ එම එන්නත ලබාදීම සිදු කරනු ලැබුවේ පැලන්වත්ත බටහිර ග‍්‍රාමසේවා කාර්යාලය ඉදිරිපිට දී ය.

 පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතාගේ උපදෙස් මත අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගයාන් සමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් සෞඛ්‍ය කණ්ඩායමක් සහ පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා ද එම එන්නත්කරණ වැඩසහන සඳහා සහභාගි වූහ.

 පැලැන්වත්ත ප‍්‍රදේශයේම පදිංචි එම වයෝවෘද්ධ පියා හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින බවත් මේ වන විට කිසිදු රෝගයකට රෝහල්ගත වී නොමැති අතර වර්ෂ 1998 දී හදිස්සි අනතුරට ලක්වීමෙන් පමණක් මාස එකහමාරක් පමණ රෝහල්ගත වී සිටි බව එම පියා සමඟ පැමිණි ඔහුගේ පුතු වන ඊ. ඒ. ඞී. හේමචන්ද්‍ර මහතා පැවසීය.


කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment