පිළිස්සී මියගිය යුවලකගේ කාමරයේ පෙට්‍රල්

205

නිවසේ කාමරයක් තුළ නිදා සිටියදී අද අලුයම පිළිස්සී මියගිය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවළගේ කාමරයේ පෙට්‍රල් අඩංගු ලීටරයක ධාරිතාවකින් යුත් පිළිස්සී ගිය ප්ලාස්ටික් බෝතල් 05ක් තිබී ඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත. අද අලුයම 4.15 ට පමණ මෙම යුවළගේ පිළිස්සී මියගිය මළ සිරුරු හමුවී තිබුණි.පොලීසිය පැවසුවේ වැල්වැටිතුර නෙදියකාඩු ප්‍රදේශයේ නිවසක තිබී එම සිරුරු සොයාගත් බවය.එලෙස පිළිස්සී මියගොස් ඇත්තේ 31 හැවිරිදි සරවනභවා රංජිත්කුමාර් නමැති පුද්ගලයෙක් සහ 26 හැවිරිදි ක්‍රිෂාන්තිනී නමැති ඔහුගේ බිරිඳය.

advertistmentadvertistment
advertistmentadvertistment