පි‍්‍රන්සි නැත්තටම නැති කළ සැබෑ ආදරේ… අබ්ලික්‌ Story

288

ඔයා අවුරුදු තුනක් ඇමරිකාවෙ ඉන්නකොට මාව අමතක වෙලා යයි. අනික එහෙදි සුද්දෙක්ව සෙට් වුණොත් මට උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නෙ. ප‍්‍රින්සිගෙ උණුසුමට තව තවත් කිට්ටු වෙච්ච කසුන් හිතුව හැම දෙයක්ම වචනවලට පෙරළුවා.

පි‍්‍රන්සි නැත්තටම නැති කළ සැබෑ ආදරේ... අබ්ලික්‌ Story

ඔයාට පිස්සුද පැටියො. මං ඔයාට මගේ පණටත් වැඩියෙන් ආදරෙයි. මේ ගමන මට නොගිහින්ම බැරි එකක්. කම්පැණිය මට බලකරනවා මේකට යන්න කියලා. මේ ගමන මගේ ජීවිතේ කඩයිමක්. ඒ නිසා මට යන්නම වෙනවා ප‍්‍රින්සිගෙ සියුමැලි ඇඟිලි තුඩු කසුන්ගෙ සිරුර පුරා දිව යද්දි ඔහුට දැනුනෙ අමුතුම හැඟීමක්.
 
 ප‍්‍රින්සියි කසුනුයි අතරෙ තිබුණෙ කොහොමටවත් නොගැලපෙන සම්බන්ධයක්. ප‍්‍රින්සි පනස් වියට ඔන්න මෙන්න කියන වයසෙ හිටිය ගැහැණියක්. ප‍්‍රින්සිගෙ තුන්වන කසාද සැමියත් මියගියේ මීට මාස තුන හතරකට උඩදි. කසුන් කියන්නෙ ප‍්‍රින්සිගෙ මුල් කසාදෙ එකම පුතාගෙ හොඳම යාළුවා. යන්තම් විසිදෙහැවිරිදි වියට පා තබලා සිටිය කසුන් ස්ථිර රැුකියාවක් කළේ නැහැ.
 
 කසුන්ට ප‍්‍රින්සිව මුණ ගැසුණෙ එයාගෙ තුන්වැනි සැමියගෙ අවමඟුලෙදි. පනස් හැවිරිදි වියට ආසන්න වෙලා සිටියත් ප‍්‍රින්සි සැබැවින්ම සුන්දර කාන්තාවක්. ඇයට තිබුණෙ පිරිමි ආකර්ෂණය කර ගන්න විදිහෙ රූපකායක්.
 
 ප‍්‍රින්සි කරකාර බඳින පිරිමින්ට අපල වුණාට ඇය පිරිමි අසුරට දැක්වූයේ පුදුමාකාර ආශාවක්.
 
 ඒ වෙනකොට කසාද හිමියන් තුන්දෙනෙකුගෙම දේපොළ ප‍්‍රින්සිට උරුම වෙලා තිබුණා. කොළඹ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරපු ප‍්‍රින්සි තමන්ගෙ දරුවගෙ වයසෙ හිටිය කොල්ලෙක් හතරවැනි සැමියා විදියට භාරගන්න සැළසුම් කරමින් සිටියා.
 
 ඒ අතරෙ තමයි ප‍්‍රින්සිට එයා වැඩ කරන ආයතනයෙන් ඇමරිකාවට යන්න අවස්ථාවක් අරන් දුන්නෙ.
 
 ඇමරිකාවෙ ගියාට පස්සෙ ප‍්‍රින්සි වෙනස් වෙයි කියලා කසුන් නිතර නිතරම කියන්න ගත්තා. ඒ වෙනකොට ප‍්‍රින්සි කසුන්ගෙ කඩවසම් ලාබාල තාරුණ්‍ය ඉදිරියේ පිස්සු වැටිලා හිටියෙ. ඇමරිකාවෙ ගිහින් එනකල් කසුන්ගෙ ආදරේ ඒ විදියටම රඳවගන්න ආකාරය ගැන ප‍්‍රින්සි දහඅතේ කල්පනා කළා. අන්තිමේදී එයා දැඩි තීරණයක් ගත්තා.
 
 ‘හරි ඔයාට මාව විශ්වාස නැහැනෙ. ඒ විශ්වාසය ගොඩනැෙඟන විදිහෙ වැඩක් මං කරලා යන්නම් අපි දෙන්නා හෙටම කසාද බඳිමු. මං මගේ තියෙන හැම දෙයක්ම ඔයාගෙ නමට ලියනවා. මං එනකල් ඔයාට ඒ දේපොල බලා කියාගෙන ඉන්න තියෙන්නෙ. එතකොට ඔයා දන්නවනෙ මං කවදාවත් වෙනස් වෙන්නෙ නැති බව. ප‍්‍රින්සි කසුන්ගෙ දෑත් දැඩිව ග‍්‍රහණය කර ගනිමින් කිව්වා. ඒ කතාව ඇහුවට පස්සෙ කසුන් හොල්මන් වුණා.
 
 ඔයාට අයිති මේ කෝටි ප‍්‍රකෝටි ගාණක් දේපළ මගේ නමට ලියනවා. කසුන් ඒ ප‍්‍රශ්නය කීප විටක්ම ප‍්‍රින්සිගෙන් විමසුවා.
 
 ‘මට හිතාගන්න බෑ ඔයා ගැන දැන්. මට හිතෙනවා ඔයා මට කොච්චර ආදරේද කියලා. කොයි තරම් මං ගැන හිතනවද කියලා’.
 
 කසුන්ගෙයි ප‍්‍රින්සිගෙයි විවාහය සිද්ධ වුණා.
 
 මේ දේපළ බලා කියා ගන්න විශ්වාසවන්ත කෙනෙක් මට නැහැ. ඔයා ඉන්න නිසා මට දැන් බයක් නැහැ. මේ ගමන මං ඔයාවත් අරගෙන යනවා. මේ දේපළ ප‍්‍රශ්නය නිසා තමයි මං ඔයාව තියලා යන්නෙ.
 
 ප‍්‍රින්සි තමන්ට අයිති හැම දෙයක්ම බලා කියා ගන්න එක කසුන්ට භාරදීලා ඇමරිකාවට ගියා.
 
 කසුන්ට දැනුනෙ ටික කාලෙකට දිව්‍ය ලෝකෙ ගියා වගේ. අතේ සතේ නැතුව හිටපු කසුන් හිටිහැටියේම ප‍්‍රකෝටිපතියෙක් වෙලා. ප‍්‍රින්සි රට ගියදා ඉඳලා කසුන් අතිසුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න පටන් ගත්තා.
 
 කල්බ් ගියා, කැසිනෝ ගැහුවා. සුරූපී කාන්තාවන්ගෙ පහස ලබා ගත්තා. විස්කි, බ‍්‍රැන්ඩි බොන්න පුරුදු වුණා. කොටින්ම කසුන්ගෙ ජීවිතේ වෙනම පැත්තකට පෙරළුණා. මේ හැම දෙයක්ම කරන්න කසුන්ට ඕනෙ හැටියට සල්ලි තිබුණා. ඒත් කාලයක් යද්දි වියදම් කරන්න ප‍්‍රමාණවත් මුදල් කසුන්ට ලැබුණෙ නැහැ. දෙවරක් නොහිතපු කසුන්
 
 ප‍්‍රින්සිගෙන් ලැබුණු දායාදය එකින් එක අලෙවි කරන්න පටන් ගත්තා. වසර දෙක තුනක් යද්දි ප‍්‍රින්සි කසුන්ට ලියලා දුන්න දේපොළ වලින් හතරෙන් තුනක්ම විකිණිලා තිබුණා. මේ කිසි දෙයක් ගැන ප‍්‍රින්සි දැන ගෙන හිටියෙ නැහැ. එයා හිතාගෙන හිටියෙ කසුන් දේපළත් බලාගෙන ඒවා වැඩි දියුණු කරගෙන යහපත් ජීවිතයක් ගත කරනවා කියලා.
 
 වසර තුනක් රාජකාරිය අවසන් කළ ප‍්‍රින්සි පහුගිය දවසක ලංකාවට ආවා. කසුන්ව සප‍්‍රයිස් කරන්න කියලා හිතාගෙන ප‍්‍රින්සි හොරෙන්ම කොළඹ හතේ තිබුණු එයාගෙ සුවිසල් මන්දිරයට යන්න තීරණය කළා.
 
 ප‍්‍රින්සි එයාගෙ මහගෙදරට යද්දි ආරක්ෂ නිලධාරීන් කීපදෙනෙක් රැකවල්ලාගෙන ඉන්නවා.
 
 නෝනා කෙහෙද යන්නෙ. කාව හම්බවෙන්නද? ආරක්ෂකයා ප‍්‍රින්සිගෙන් ඇහුවා.
 
 මං කොහෙ යන්නද මනුස්සයො මේක මගේ ගෙදරනෙ. කෝ කසුන් මහත්තයා.
 
 ප‍්‍රින්සි ආරක්ෂකයන්ගෙ ඇඟට කඩා පැන්නා.
 
 මං හිතන්නෙ නෝනට වැරදිලා. මේ ගේ අයිති අපේ ඇමැතිතුමාට. කසුන් මහත්තයා අවුරුද්දකට විතර උඩදි මේ ගේ ඇමැතිතුමාට වික්කා. ආරක්ෂකයො එහෙම කියද්දි ප‍්‍රින්සි අන්දුන් කුන්දුන් වුණා. ඇමරිකාවෙ ඉඳලා එනකොට ප‍්‍රින්සිට එයාගෙ හැම දේපළක්ම අහිමි වෙලා. කොටින්ම ඒ වෙනකොට කසුන්ගෙ ආදරෙත් පස්සා දොරෙන් පිටවෙලා තිබුණා.
 
 එච්චර කාලයක් ප‍්‍රින්සි නිසා කසාද සැමියන්ට අපල වුණා කිව්වට අන්තිමේදී සිද්ධ වුණේ කසාද සැමියා නිසා ප‍්‍රින්සි නැත්තටම නැති වෙලා ගිය එකයි.
 
 රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment